කපා කොටා අභිරහස් ලෙස ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් අද (4 දින) උදෑසන බිංගිරිය පොලිසිය විසින් බිංගිරිය කදුරුවැව ප‍්‍රදේශයේ බිංගිරිය දුම්මලසූරිය මාර්ගයේ තිබියදී
සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ බිංගිරිය පොලිස් වසමට අයත් කදුරුවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චතුරංග ජයලත් නැමැති වයස අවුරුදු විසිනමයක තරුණයෙකි.
වෘත්තියෙන් රියදුරෙකු වන මෙම තැනැත්තා ඊයේ (03) දින රාත‍්‍රීයේ යතුරු පැදියෙන් නිවස වෙත එන අවස්ථාවේ කදුරුවැව ප‍්‍රදේශයේ බෝක්කුවක් අසල මග රැක සිටි ඝාතකයින් මොහුව යතුරුපැදියෙන් පෙරළා දමා ආයුධ වලින් කපා කොටා මරණයට පත්කොට ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සමිබන්ධයෙන් බිංගිරිය පොලිසිය මගින් සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට ලක්වූ තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
බිංගිරිය වි සෝමවීර

under the courtesy of mawbima.lk news web