Thursday, February 20, 2020

මවට පහරදී පුළුස්සා මරා දැමීමට තැත්කළ පුතා මාට්ටු

ගෑස් කාන්දුකර පුළුස්සා දැමිමට තැත් කලා

නිවසේ අයිතිය ලබා ගැනිම සඳහා හැත්තෑ දෙහැවිරිදි තම මවට පොල්ලකින් පහරදී තුවාල සිදු කොට ගෑස් කාන්දුකර පුළුස්සා දැමිමට තැත්කල පුතෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට ගිනිකුරුන්ද කන්දේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් පරික්ෂණවලදි අනාවරණයවී ඇත්තේ සැකකරු මෙම කාන්තාව කුඩාකල සිට හදා වඩාගෙන ඇති අතර පසුව පානදුර ප්‍රදේශයෙන්
විවාහවී සිටින බවය. සැකකරු විශාල වශයෙන් ණයවී ඇති අතර එම ණය මුදල් ගෙවීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇති බවත් මුදල්නැති බව පැවසීම නිසා නිවස සහ ඉඩම ලියා දෙන ලෙස ඉල්ලා ඇති බවත් මව එයට අකමැතිවි ඇති බවත් අනාවරණය වී තිබේ.

පසුව සැකකරු මවට පොල්ලකින් පහරදි දත් කඩා පහරදි ගිනිගෙන ඇති බව හැඟවීම සඳහා ගෑස් කාන්දුකර ගිනිතබා මරා දැමීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ඇයගේ කෑගැසිමට අසල්වාසින් පැමිණ ඇය කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.


අහංගම එන්.ජි.ලියනගේ

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka