රුපියල් එක්කෝටි විසිඅට ලක්ෂ හැත්තෑහතර දහස් අටසිය හතළිස්අටක් (1,28,74,848) ක් වටිනා රත්තරන් බිස්කට් තොගයක්, නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ‍්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (17 දා* උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 36 හැවිරිදි වියේ පසුවන කොළඹ, මාළිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ උදෑසන 7.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි, ශ‍්‍රී ලන්කන්
ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණ. ඔහු විසින් පැළඳගෙන පැමිණි පාවහන් තුළ, කිලෝග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 400 ක් බර රත්තරන් බිස්කට් 12 ක් සඟවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති රේගු පරිශ‍්‍රය ඔස්සේ ඇවිද යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණ. මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්. අරුක්ගොඩ මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම රත්තරන් බිස්කට් තොගය රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් 13 ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇත.

under the courtesy of divaina.com news web