Monday, February 10, 2020

නිරුවත් ඡායාරූප අරන් අනිත් අය අතර බෙදා හරින්න කියලා - යාපනය සරසවියේ තිරිසන් විදියට නවක වධය දීලා

වැරදිකරුවන්ට දඬුවම් දෙන්න 
ආණ්ඩුකාරවරිය සරසවි බලධාරීන්ට දන්වයි

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ නවක සිසුන්ට ඉතා අසභ්‍ය අන්දමට නවක වධය දීමේ හා ඔවුන් ලවා විවිධ ලිංගික ක‍්‍රියාකාරකම් සිදු කරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්
පවත්වා එම සිද්ධියට වැරදිකරුවන් වන පිරිසට දඬුවම් ලබා දෙන මෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය යාපනය විශ්වවිද්‍යාලයේ බලධාරීන්ට 7 වැනිදා දැනුම් දී තිබේ.

කිළිනොච්චිය මණ්ඩපයේ නවක සිසු සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් වැසිකිළිවලට ගොස් ජංගම දුරකථන ආධාරයෙන් නිරුවත් ඡුායාරූප ලබා ගන්නා ලෙසත් ඒවා අනෙක් අය වෙත හුවමාරු කරන ලෙසත් දැනුම් දී තිබේ.

බියට පත් නවක සිසු සිසුවියන් කීපදෙනකුම ඒ ආකාරයට ජංගම දුරකථනවලින් නිරුවත් ඡායාරූප ලබා ගෙන ඒවා ජ්‍යෙෂ්ඨ සිසුන් වෙත ලබා දී තිබේ.

මේ වන විට එම ජ්‍යෙෂ්ඨ සිසුන් පිළිබඳව ද සියලූ‍ විස්තර හෙළිදරව් වී ඇති අතර ඔවුන්ගේ ඡායාරූප ද දෙමළ සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතියි.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ ශිෂ්‍යාවන් දෙදෙනකු පසුගිය කාලයේ දී වරින් වර අවස්ථා දෙකකදී ගෙල වැලලා ගෙන මිය ගියේ ද මේ ලිංගික ක‍්‍රියාවන් ඇතුළත් නවක වධය ඉවසීමට නොහැකිව ද යන සැකය දැන් පහළ වී තිබේ.

මේ සියලූ‍ සිදුවීම් පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරියට පැමිණිලි ලැබීමෙන් පසුව ඇය විශ්වවිද්‍යාල බලධාරීන්ට නියෝග කර ඇත්තේ වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසය.

මේ අතර නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් තර්ජනය කරමින් නවක වධය දීමේ සිද්ධීන් පිළිබඳව හා එසේ කරන්නට උපදෙස් දුන් පිරිස් පිළිබඳව බලධාරීන්ට තොරතුරු ලබා දීමට කටයුතු කළහොත් යළි මේ විශ්වවිද්‍යාලයට පැමිණීමට නොහැකි වන අන්දමට ඔවුන් කටයුතු කරන බව පවසමින් නවක සිසුන් බිය ගන්වන බවත් ඔවුන්ට තර්ජනය කරන බවත් වාර්තා වෙයි.

දිනසේන රතුගමගේ

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka