නාත්තන්ඩිය කොට්ට‍්‍රාමුල්ල ප‍්‍රදේශයේ 53 හැවිරිදි කාන්තාවක් කොරෝනා රෝග ලක්ෂණ සහිතව මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල හදිසි ප‍්‍රතිකාර ඒකකය පවසයි.
තම පවුලේ පිරිස සමඟ මක්කම වන්දනාවේ ගොස් පැමිණ ඇති මෙම කාන්තාව දින දෙකකට පමණ පෙර බරපතල උණ රෝගී තත්වයක් ඇති වීම නිසා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ. මාරවිල රෝහලෙන් විමසීමේදී එම රෝගී කාන්තාව මීගමුව මහ රෝහලට යැවීමට කටයුතු කළ පසු මීගමුවෙන් අංගොඩ උණ රෝහලට යැවීමට කටයුතු කළ බව ප‍්‍රකාශ විය. මෙම කාන්තාවට මීට පෙර ඇදුම රෝගී තත්ත්වයක් තිබී නැත. දැනට හුස්ම ගැනීමේ අපහසුතාවක් හා කොරෝනා රෝග ලක්ෂණ ඇති බව මාරවිල රෝහලේ කායික වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරියක සනාථ කළාය.
මේ පිළිබඳ පුත්තලම සෞඛ්‍ය සේවා වෛද්‍ය අධිකාරී දිනූෂා ප‍්‍රනාන්දු මහත්මිය ගෙන් විමසූ විට, දැන් සමහර රෝගීන් කලබල වෙලා, නැති රෝග තත්ත්වයක් පෙන්වනවා. අපි මේ රෝගියා ගැනත් පරීක්ෂණ සිදු කළා. නිව්මෝනියා උණ තත්ත්වයක් තියෙනවා. තියෙන රෝග ලක්ෂණ අනුව මාරවිල රෝහලේ තියාගන්න බැහැ. ඒ නිසා මීගමුව කොරෝනා වෛද්‍ය ප‍්‍රතිකාර ඒකකයට යැවීමට කටයුතු කළා. හැබැයි මක්කම ගිහින් ආවා කියලා කොරෝනා වයිරස් රෝගී තත්ත්වයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ සීමිත යැයි පැවසුවාය.

under the courtesy of divaina.com news web