Tuesday, February 25, 2020

එකට කාබී මිතුරාට පොල්ලකින් ගසා මරලා

සැකකරු ගව පට්ටි හිමියෙකි. මිතුරන් තිදෙනා ඔහුගේ ගවයන් බලා ගන්නා බවද අනාවරණය විය
 
එකට කා බී අවසානයේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් තම මිතුරාට පොලු පහරදී මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පත්කළ පුද්ගලයකු ලබන 6දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
කන්තලේ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස සම්පත් ජයසූරිය මහතා නියෝග කළේය.

බන්ධනාගාරගත කරන ලද්දේ තඹලගමුව යුනිට් 10 ප්‍රදේශයේ අයෙකි. මියගොස් ඇත්තේ තඹලගමුව 10 කොලනියේ මොහොමඩ් රාවුෆ් රිසාත් (26) යන අයයි.

21දා මධ්‍යම රාත්‍රි සැකකරු හා මියගිය තැනැත්තා සමඟ තවත් යහළුවන් දෙදෙනකු තඹලගමුව පත්තිනිපුරම් සිත්තිවිනයාගර් පාසල අසල අරක්කු පානය කරමින් සිට ඇත. එහිදී යම් බහින්බස් වීමක් හටගෙන ඇත. මියගිය අය හා සැකකරු එම ස්ථානයෙන් තරමක් අෑතට ගොස් එහිදී කතාව දුරදිග ගොස් අවසානයේ සැකකරු පොල්ලකින් මියගිය අයට පහරදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

සැකකරු ගව පට්ටි හිමියෙකි. මිතුරන් තිදෙනා ඔහුගේ ගවයන් බලා ගන්නා බවද අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ සහකාර පොලිස් අධිකාරි 1 ප්‍රදීප් වෙත්තසිංහ මහතාගේ නියෝග මත තඹලගමුව පොලිස් ස්ථානාධිපති සම්පත් බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එම්. සවාහිර් මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka