Wednesday, February 26, 2020

කිලිනොච්චිය රෝහලේ හෙදියක් පැහැරගෙන යද්දී ඕමන්ත මුරපොළේදී කොටුකරගෙන

ප්‍රේම සම්බන්ධකමක් පවත්වාගෙන යාම පැහැරගැනීමට හේතුව වෙලා
 
කිලිනොච්චිය රෝහලේ හෙදියකව බලහත්කාරයෙන් පැහැරගෙන යමින් සිටි ඇයගේ පවුලේ පස්දෙනකු
ඊයේ (25දා) දහවල් යුද හමුදාව විසින් වවුනියාව ඕමන්ත මුරපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එස්. ෆාතිමා නමැති මේ හෙදිය රෝහලේ සේවය කරමින් සිටියදී ඇයගේ ඥාතීන් පිරිසක් වෑන් රථයකින් සමන්තුරේ ප්‍රදේශයේ සිට කිලිනොච්චිය රෝහලට පැමිණ ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වහාම මේ බව වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාට දැනුම්දීමෙන් පසුව ඔහු මේ බව 56 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න මහතා වෙත දැනුම් දී තිබේ.

සේනාංකාධිපතිවරයා නිලධාරීන් සමඟ එක්ව මේ බව 563 බළ සේනා මූලස්ථානයට අයත් 21 වැනි බළඇණිය වෙත දැනුම්දීමෙන් පසුව ඕමන්ත මුරපොළේ සේවය කරන එම නිලධාරීන් හෙදිය හා ඇය පැහැරගෙන යමින් සිටි පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම හෙදිය කිලිනොච්චියේ දෙමළ නිලධාරියකු සමඟ ප්‍රේම සම්බන්ධකමක් පවත්වාගෙන යන බවයි.

එම සම්බන්ධය නතර කරන ලෙස පවුලේ උදවිය කළ බලපෑම් නිසා දැනට මාස හතක පමණ සිට හෙදිය තම ගම් පළාත වන සමන්තුරේ ප්‍රදේශයට නොපැමිණෙන නිසා ඇගේ ඥාතීන් පැමිණ ඇයව මෙසේ පැහැරගෙන ගොස් තිබේ.

යුද හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙදිය හා ඇයව පැහැරගෙන යෑමට පැමිණි පස්දෙනාද අදාළ වෑන් රථයද ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වවුනියාව ඕමන්ත පොලිසිය වෙත භාරදී තිබේ.

ඕමන්ත පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka