මහරගම, නාවින්න, ශී‍්‍ර දේවානන්ද පාරේ ව්‍යාපාරික ගොඩනැඟිල්ලක අභිරහස් අන්දමින් මියගොස් සිටි අඹුසැමි යුවළගේ මරණ මනුෂ්‍ය ඝාතනයක් බවට කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී
සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.මෙම මරණ තියුණු ආයුධයකින් හිසට හා ගෙලට එල්ල කළ පහර හේතුවෙන් බරපතළ තුවාල ලබා සිදුවූවක් බවත්, මෙය මනුෂ්‍ය ඝාතනයක් බවත් පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තීරණය කෙරිණි.
ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ 31 වැනිදා පස්වරුවේ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් වන එස්. රවීන්ද්‍රන් හා ජනිත් දයානන්ද යන මහත්වරුන් විසින් සිදුකරනු ලැබූහ.
පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව මෘත දේහයන් එම ඥාතීන් හට භාරදෙන ලදී.
මෙම අඹුසැමි යුවළගේ ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයන් පහළොස් දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත. ප‍්‍රකාශයන් ලබාගත් අය අතරේ මෙම අඹුසැමි යුවළ කුලියට ලබාදුන් ගොඩනැඟිලි ද්‍රව්‍ය උපකරණ අලෙවි සලේ හිමිකරු, ග්‍රොසරියේ හිමිකරු, පේස්ටි‍්‍ර අලෙවි සලේ හිමිකරු, වාහන අමතර කොටස් අලෙවි සළේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයන් වනබවද එම නිලධාරියා කියා සිටියේය.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සීසීටීවී කැමරා නිරීක්‍ෂණය කරමින් පවතී. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ නාවින්න ශී‍්‍ර දේවානන්ද පාරේ පදිංචිව සිටි වාද්දුවගේ දොන් මංජුල (40) සහ සංජීවනී ප‍්‍රදීපිකා (39) යන අඹු සැමි යුවළයි.
මේ පිළිබඳව මහරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
මොවුන්ගේ සිරුරු පසුගිය 30 වැනිදා හමුවන අවස්ථාවේ බෙහෙවින් ඉදිමී දුගඳ හමමින් තිබූ බවද පොලිසිය පවසයි.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, එස්. පී. ආරියරත්න - රත්මලාන සහ සරත් ද සිල්වා - ඔරුවල

under the courtesy of divaina.com news web