අද දිවයිනේ ඇතැම් පළාත්වලට හදිසියේ විදුලිය කප්පාදු කිරීමට සිදුවූ බව විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති අනුරුද්ධ තිලකරත්න සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදිසියේ ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවු බවයි.
විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලබාදෙන ඉන්ධනවලට විදුලිබල මණ්ඩලය මුදල් නොගෙවීම මෙලෙස ඉන්ධන සැපයීම අත්හිටුවීමට හේතුව බව සඳහන්.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම ද ඉහළ ගොස් ඇති අතර, මේ නිසා වැඩි වශයෙන් විදුලිය නිෂ්පාදනය කෙරෙන්නේ තාප විදුලි බලාගාරවලින්.
ඊට අවශ්‍ය ඉන්ධන නොලැබීම නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමෙන් මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනුරුද්ධ තිලකරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අප විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්ගෙන් ද විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මැදිහත්වීමෙන් අද පස්වරුවේ මෙම ගැටළුව නිරාකරණය කිරීමට හැකි වූ බවයි.
කෙසේ වෙතත්, විදුලිය කප්පාදු කිරීමට පෙර මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරුණක්.
එහෙත් අද දිනයේ මෙලෙස විදුලිය විසන්ධි කිරීමට පෙර එවැනි අවසරයක් විදුලිබල මණ්ඩලය ලබා නොගත් බවයි එම කොමිසමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඒ අනුව මීට හේතු විමසා විදුලිබල මණ්ඩලයට අද පස්වරුවේ ලිපියක් ද යොමු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව පියවර ගෙන තිබෙනවා.

under the courtesy of gossip.hirufm.lk news web