යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ නවක සිසුන්ට අමානුෂික හා අසභ්‍ය අන්දමට නවක වධය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්ති තහනමකට ලක්ව සිටින සිසුවකුට 11 වැනිදා රාත‍්‍රී 10.30ට පමණ කිසියම් පිරිසක විසින් පහර දී තිබේ.
මේ පහර දීම සඳහා හතරදෙනකු පැමිණ ඇති අතර ඔවුන් සිසුවාට පහර දීමෙන් පසුව ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයට ද නිවසේ දොර ජනෙල් වීදුරුවලට ද පහර දී අලාභ හානි කර තිබේ.
යාපනයේ මනීපායි ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස
වෙත පැමිණි පිරිසක් සිසුවාට නිවසින් එළියට පැමිණෙන ලෙස කතා කොට ඔහු පැමිණීමත් සමගම පහර දී පලා ගොස් තිබේ.මේ පහර දීම සඳහා හතරදෙනකු පැමිණ ඇති අතර ඔවුන් සිසුවාට පහර දීමෙන් පසුව ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයට ද නිවසේ දොර ජනෙල් වීදුරුවලට ද පහර දී අලාභ හානි කර තිබේ.
යාපනයේ මනීපායි ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස
පහර කෑමට ලක් වූ සිසුවා රාත‍්‍රියේම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මනිපායි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ