Monday, February 10, 2020

"මැදියම් රැයේ නින්දෙන් අවදි වූ මංගලා සංජයව සෙව්වා" - යෝජිත විවාහයකින් බිරිඳක් වූ මංගලා, සැමියාගේ අමුතු හැසි‍රිම් ගැන කන්‍යාවියක් ලෙසම විවාහයෙන් වසරකට පසු උසාවියේදී හෙළි කළ හැටි

යෝජිත විවාහයකින් වසරකට පසුව අධිකරණ නියෝගයකින් දික්කසාදය ලැබෙද්දීත් කන්‍යාවක ලෙසම දික්කසාද වූ වෛද්‍යවරියක් පිළිබඳ අරුම පුදුම සත්‍ය දික්කසාද නඩුවක් රත්නපුර දිසා අධිකරණයෙන්
අසන්නට ලැබුණි.

මෙම නඩුවේ පැමිණිලිකාරිය මංගලා රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ යුවතියක් වන අතර, විවාහ යෝජනාවකට අනුව තමා හා විවාහ වූ තම ව්‍යාපාරික සැමියා විවාහ වූ දිනයේ මංගල රාත්‍රියේ පටන්ම වෙනත් පිරිමියකු සමඟ ඇසුරක් පවත්වන බවත්, විවාහ වූ දින සිට කිසිම දිනක තමා හා කායික ඇසුරක් නොපැවැත්වූ බවත් පවසමින් රත්නපුර දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

ඇය මංගලා කුමාරිය. පාසල් වියේ සිටම යහපත් චර්යා රටාවකින් යුක්ත වූ අතර ඉගෙනීමෙහි දස්කම් දැක්වූවාය. අ.පො.ස. සා.පෙළ විභාගයෙන් විශිෂ්ට සමර්ථ්‍ය නවයක්ම ලබාගෙන සමත් වූ අතර උසස් පෙළට තෝරාගත්තේ විද්‍යා විෂය ධාරාවයි. සම වයසේ මිතුරියන්ට පෙම්වතුන් සිටියද ඇය කිසි දිනක පෙම්වතුන් ඇසුරු නොකළාය.

මංගලාගේ මුළු කාලයම ගෙවුණේ අධ්‍යාපන කටයුතුවලටය. සියලුම විෂයන්වලට ඒ සමර්ථ්‍ය ලබාගනිමින් වෛද්‍ය විද්‍යාලයට තේරුණු ඇය වෛද්‍ය විද්‍යාලයේද කැපී පෙනෙන සිසුවියක් වුවාය. ඇගේ අත පතා වෛද්‍ය සිසුන් පමණක් නොව අෙනකුත් අංශවල සරසවි සිසුන්ගෙන්ද ඉල්ලීම් ලැබුණ මුත් ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කළාය.

වෛද්‍යවරියක ලෙස කෑගල්ල ප්‍රදේශයට පත්වීමක් ලැබුණු අතර, ඇගේ කලවයස හරි නිසා මවුපියන් මංගලාට විවාහ යෝජනා ගෙන ආහ. මුලින් ගෙන එන ලද සියලු විවාහ යෝජනා ප්‍රතික්ෂේප කළ ඇය. දෙමාපියන්ගේ පෙරැත්තය නිසාම, කඩවසම් ව්‍යාපාරික තරුණයකුට මනාපය පළ කළාය. රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල මැණික් ව්‍යාපාරිකයකුගේ පුතකු වන සංජය සමරනායකටත් විවාහයක් ගැන වුවමනාවක් නොතිබුණි. මංගලාව බලන්නට ගියේ මවුපියන්ගේ වුවමනාවටය.

මංගල රාත්‍රියේ මංගලා සමඟ රාත්‍රී භෝජනය ගත් සංජය වරින් වර කාමරයෙන් පිටතට ගියේය. වෙනත් යුවතිපතීන් මෙන් අඹුසැමි ඇසුරක් පැවැත්වීමට සංජයට වුවමනාවක් නොවීය. මැදියම් රැයේ නින්දෙන් අවදි වූ මංගලා සංජය කොහිදැයි විමසිලිමත් වුවාය. හිමිදිරිය වනතුරුත් ඔහු කාමරයට නොපැමිණි නිසා මවුපියන්ට දන්වා සංජය ගැන සොයා බැලුවාය. සංජය එම හෝටලයේම වෙනත් කාමරයක ඔහුගේ මිතුරකු වූ ඩිෂාන් සමඟ රැය ගත කර ඇති බව කාටත් පසක් විය.

දෙවැනි ගමන යොදාගෙන තිබුණේ මංගල දිනෙන් දින දෙකකට පසුවය. සංජය සමඟ මංගලා රතු ඔසරියකින් සැරසී සංජයගේ නිවසට ගියේ යුවතියක ලෙසිනි. දෙපාර්ශ්වයටම මෙය මහත් ගැටලුවක් විය. ප්‍රශ්න ගොඩින් බේරුම් කර ගැනීමට කවුරුත් උත්සුක වූ නමුදු ඒ ප්‍රයත්නයන් සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් විය.

සංජය කාන්තා ඇසුර ප්‍රිය නොකරනවා සේම ඔහු ලිංගික බෙලහීනතාවකින් යුත් පුද්ගලයෙක් බව පසක් කර ගැනීමට ඇයට වැඩි දවසක් ගත නොවීය. ඒ අතර, සංජය දිගු කාලයක් තිස්සේ තම සමීපතම මිතුරකු වූ ඩිෂාන් සමඟ ඇසුරක් පවත්වන බව සපථ කර ගැනීමට හැකිවිය. සංජයට ඩිෂාන්ගෙන් මිදීමට නොහැකි තරමට ඔවුන් දුරදිග ගොස් ඇති බව මංගලාට අවබෝධ කර ගැනීමට හැකිවිය.

වෛද්‍යවරියක් වූ ඇය මේ නිසා මහත් සිත්තැවුලටත්, පීඩාවටත්, ලජ්ජාවටත් පත්වුවාය. දෙපාර්ශ්වයේ මවුපියන්ද මෙම සිද්ධිය නිසා පත්වුයේ ඉමහත් අපහසුතාවකටය. සංජයගේ මවුපියන් ද සංජයට කොතෙක් අවවාද කළ ද ඒවා ගඟට කැපූ ඉණි මෙන් ඵල රහිත විය.

මාස ගණනාවක් එකම නිවසේ එකම කාමරයක, එකම යහනක ජීවත් වුවද තවමත් කන්‍යාවියක වූ මංගලා ජීවිතය ගැන තීරණයක් ගැනීමට කල්පනා කළාය. මේ ගැන දෙමාපියන් සමඟ ද සාකච්ඡා කළාය. සැමියාගේ පාර්ශ්වයට මේ ගැන දැන්වූ අතර ඔවුන් ද අසරණභාවයට පත්ව සිටියහ. නීතිඥවරයකු මාර්ගයෙන් මංගලා රත්නපුර දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් පැවරුවේ ජයට මඟුල් කා එක් වූ තම නිත්‍යනුකූල සැමියාගෙන් දික්කසාද වීමටය.

ඔවුගේ ලිංගික බෙලහීනතාව හා සමලිංගික ඇසුර සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරද්දී ඔහු මුනිවත රැක්කේය. දික්කසාදයට ඔහුගේද විරුද්ධත්වයක් නොවීය. ඔහු සමඟ කායික ඇසුරක් නොපැවැත්වූ නිසා වෛද්‍ය බිරිය ව්‍යාපාරික සැමියාගෙන් වන්දියක් ඉල්ලා සිටියේද නැත.

වැඩි සද්ද බද්දයක් හෝ ගැටුමක් ආරාවුලක් නොමැතිව දුර දිග නොයවා ප්‍රශ්නය විසඳා ගැනීමට දෙදෙනාටම හැකි විය. දික්කසාද නඩුව විසඳීමට වැඩි කාලයක් ගත වුණේද නැත.

විවාහයෙන් පස් මසකට පසු මංගලා නීති මඟට බැස්සේ තම මවුපියන්ගේ නිවසේ සිටය. අධිකරණයේ සංජයගෙන් දික්කසාද වීමට නඩු පැවරූ පසු ඇය සැමියාගේ නිවසට ගෙනැවිත් තිබුණු බඩු භාණ්ඩද ආපසු රැගෙනගොස් තිබුණි. දික්කසාද නඩුව වැඩි බර ශක්‍යතා සාක්ෂි මත ඔප්පු වූ නිසා රත්නපුර දිසා අධිකරණයේ විනිසුරුවරයා මංගලාට සංජයගෙන් නීත්‍යනුකූලව දික්කසාද වීමට අවසරය දුන්නේය. (රත්නපුර දිසාධිකරණයේ සිදු වූ සත්‍ය සිද්ධියක් වන අතර නම් ගම් මනඃකල්පිතය)

under the courtesy of silumina .lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka