Friday, February 21, 2020

කාවිංග පෙරේරා රිය අනතුරක් සිදුකර මරණයට පත් කළ පුද්ගලයාගේ පවුලට මුදල් දීලා – විස්තරේ මෙන්න

සුදු ඉරි අඳිමින් සිටි සේවකයින් පෙරළාගෙන වාහනය ධාවනය කරලා
 
පලා යාමට උත්සාහ දැරීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ඔහු අල්ලා ගෙන පොලිසියට භාර දීලා
 
අතුරුගිරිය, තලවතුගොඩ ප්‍රදේශයේ ඉකුත් 18 වන දින රාත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයකු මරණයට පත්ව ඇත.

 මෙසේ මරණයට පත් වූයේ මීගහතැන්න වෙලපහළ, මාවතවත්ත ප්‍රදේශයේ පදිංචි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති හතළිස්‌ දෙහැවිරිදි එක්‌ දරු පියෙකි.
තලවතුගොඩ ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී රාත්‍රි
12.40 ට පමණ වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය අනතුර සිදුකර පලා ගොස්‌ තිබේ. එහිදී එම ස්‌ථානයේ සිටි පිරිසක්‌ මෝටර් රථය පසුපස හඹා ගොස්‌ රංගන ශිල්පියා අල්ලා ගෙන ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරට ලක්‌වී බරපතළ තුවාල ලැබූ අය රෝහලට ඇතුළත් කරන විට ද මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 සිද්ධියෙන් මරණයට පත්වූ අයට මාස දෙකක්‌ වයසැති දියණියක්‌ සිටින අතර, සිද්ධිය වූ ස්‌ථානයේ සිටි මියගිය අයගේ වැඩිමහල් සොයුරු වන ගම්මන ලියනගේ නිලන්ත මෙසේ පැවසීය.

 මියගොස්‌ සිටින මගේ මල්ලි සහ මම ජී. එන්. එල් සුපර් ලේයර් කියන පුද්ගලික ආයතනයට අනුයුක්‌තව මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. ඒ වෙලාවෙ අපි ෂෙඩ් එක ඉස්‌සරහ පදික මාරුවේ තීන්ත ආලේප කරමින් සිටියේ. අපි හත් දෙනෙක්‌ පමණ එම ස්‌ථානයේ නඩත්තු කටයුතු කරමින් සිටියා. මම පදික මාරුව ලකුණු කරදී මඳක්‌ ඉදිරියට ගිහින් අනිත් වැඩ කටයුතු සොයා බලද්දී එක පාරටම මල්ලි මෝටර් රථයේ වැදුණු සද්දෙ ඇසුණා. ඒ සමගම මම මල්ලි ළඟට දුවගෙන ගියා. එවිටම මෝටර් රථය පලා ගියා. එතැන සිටි පිරිසක්‌ මෝටර් රථයේ පසුපස හඹා ගොස්‌ ඔහු අල්ලා ගෙන තිබෙනවා. අනතුරෙදී මෝටර් රථයේ යම් ආබාධයක්‌ සිදුවී ඇති බැවින් වේගෙන් යන්න බැරි වෙලා තියන බවත් එසේ නොවන්නට මෝටර් රථය පලා යන බවත් දැනගන්න ලැබුණා. පසුව දැන ගත්තේ අනතුර සිදු කළ අය රංගන ශිල්පියෙක්‌ කියලා. ඔහු බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්‌ෂණවලදී සනාථ වූ බව ද දැන ගන්නට ලැබුණා.

 මල්ලි බොහෝ අහිංසක චරිතයක්‌. එයාගේ දුවට මාස දෙකයි. ලොකු අපරාධයක්‌ වුණේ. බීමත්ව මෙවන් අනතුරු කරන සෑම කෙනෙකුටම තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි.

 මියගිය අයගේ සොයුරිය වන ගම්මන ලියනගේ චන්ද්‍රලතා මහත්මිය මෙසේ පැවසුවාය.

 " අනේ මගේ මල්ලි හරිම අහිංසකයෙක්‌ බව ගමේ හැමෝම දන්නවා. මේ දුක අපේ පවුලේ අයට වාව ගන්න බෑ. මේ අවාසනාවන්ත අනතුර නිසා මාස දෙකක දුවත්, මල්ලිගේ නෝනාත් ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා. මල්ලි ජීවත් වෙන්න ලොකු සටනක්‌ කරගෙන ගිය කෙනෙක්‌. රැයක්‌ දවාලක්‌ නොබලා රස්‌සාව කළේ දරු පවුල රැක ගන්න සැලකිය යුතු ආදායම් මාර්ගයක්‌ නොමැති නිසයි.

 අපිට දැන ගන්න ලැබුණා අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා ඒ අවස්‌ථාවේ බීමතින් සිටි බව. බීමත්කම නිසා මේ රටේ සිදුවන අනතුරුවලින් පවුල් කීයක්‌ අනාථ වෙනවාද? දැන් අපිට මල්ලි අහිමි වෙලා ඉවරයි. ඒත් මේ දේ තවත් කෙනෙකුට නොවන්නට උපරිමයෙන් නීති ක්‍රියාත්මක කළ යුතු යෑයි අපි ඉල්ලා සිටිනවා.

 මියගිය අයගේ බිරිඳ තම සැමියා අහිමි වූ කම්පනය නිසා කිසිවක්‌ ප්‍රකාශ කරගත නොහැකිව සිටියාය.

 අනතුරින් මියගිය අය නිරතුරුවම අසල්වාසීන් සහ ප්‍රදේශවාසීන් ද සමග ඉතා සුහදව කටයුතු කළ කිසි කෙනෙකුට වදරක්‌ නොකරන අයකු බව ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක්‌ පවසා සිටියහ.

 අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තලංගම පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka