2012 වසරේ දී තරුණියක් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් එල්ල මරාදැමීමට නියමිතව පැවතියේ පෙරේදා (01 දා) දිනයේදීයි.
කෙසේ නමුත් දිල්ලියේ අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව එම කටයුත්ත කල් දැමීමට සිදුව ඇතැයි ඉන්දීය පුවත් වාර්තා කර ඇත.
නිර්භයා සිද්ධිය ලෙසින් ප‍්‍රකට 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයා ජෝති සිංග් ඝාතන සිද්ධියේ සැකකරුවන් සිවුදෙනා එල්ල මරාදැමීම කල්දැමීමට ඉන්දීය අධිකරණයක් තීන්දු කර ඇත.
අදාළ ඝාතන සිද්ධියේ වරදකරුවන් සම්බන්ධ මරණ දඬුවම ක‍්‍රියාත්මකවීමට නියමිතව පැවතියත් එහි එක් වරදකරුවෙක් වන පවන් ගුප්තා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලා දිල්ලි අධිකරණයක් මෙම තීන්දුව ගෙන තිබුණි.
අවසාන මොහොතේදී පවා ඔහු නැවතත් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ වරද සිදුවන අවස්ථාවේදී තමන් බාලවයස්කරුවෙක් වූ බැවින් අදාළ වරදට තමන් වෙත මරණ දඩුවම ලබානොදිය යුතු බවයි.එම මතය පිලිගත් අධිකරණය මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට තීන්දු කළ බව ඉන්දීය වාර්තා පවසයි.
Under the courtesy of -divaina.com news web