ඉදිරියේදී පිහිටුවන නව සන්ධානයේ මහ ලේකම් තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ නම යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඊයේ කොළඹදී පවත්වා ඇති අතර, එහිදී මීට එකඟත්වය පළවී ඇති බව සඳහන්.
මෙම සාකච්ඡා පිළිබඳව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර, එහි දැක්වුණේ නව සන්ධානයේ මහ ලේකම් තනතුර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරට ලබාදීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් පිහිටුවීමට යන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා නියෝජිතයන් හයදෙනෙකුගෙන් කිසිවෙකු පත් නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ජාතික පුවත්පතක් අද වාර්තාකර තිබුණා.
ඊට රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාගේ නමද ඇතුළත්ව තිබූ අතර, එලෙස පත් නොකරන ලෙස දැනුම්දී තිබූ අනෙකුත් නියෝජිතයින් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, නලින් බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකගේ නම්ද ඇතුළත් කර තිබුණා.
ඔවුන් සමඟ සාමූහිකව වැඩ කිරීමට පවතින අපහසුතාවය නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම දැනුම්දීම සිදුකර තිබූ බවයි අදාළ පුවත්පත් වාර්තාවේ දැක්වුණේ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහගෙන් කරුණු විමසූ අතර, ඔහු එහිදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ වුවමනා මත සන්ධානයේ තනතුරු තීරණය නොකරන බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පසුගියදා අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නව සන්ධානයේ මහලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබා ගත යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඉල්ලීම් ඉදිරිපත් වූ බවයි.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ නම සහ ලකුණ මේ සතියේ ප්‍රකාශයට පත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ වැඩිදුරටත් කියා සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගෙන්ද අප කරුණු විමසා සිටියා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ නව සන්ධානයේ මහ ලේකම්වරයා පිළිබඳව විපක්ෂ නායකවරයා අද දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරනු ඇති බවයි.

under the courtesy of gossip.hirufm.lk news web