Monday, February 10, 2020

බිරිඳ නැති වෙලේ නැන්දම්මාට අතවර කරන්න හදලා - බිරිඳයි නැන්දම්මායි පොලිසි ගිය ලැජ්ජාවට පුද්ගලයෙක් දිවි නසා ගනී

ම බිරිඳගේ මවට බලෙන් අතවර කිරීමට තැත්කළ පුද්ගලයකු බිරිඳට අසුවීමෙන් පසුව බිරිඳ සහ මව මේ සම්බන්ධව තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී සිය දිවි හානි කර
ගැනීමේ සිද්ධියක් තඹුත්තේගම පොලිස් බල ප‍්‍රදේශයෙන් 7 වැනිදා වාර්තා වී තිබෙන බව තඹුත්තේගම පොලිසිය පවසයි.

බිරිඳ තම දරුවා පෙර පාසලට ඇරවීමට ගිය අවස්ථාවේ දී බිරිඳගේ මව පමණක් නිවසේ සිට ඇත. එම අවස්ථාවේදී සැකකරු ඇයට අතවර කිරීමට තැත් කරමින් සිටියදී ළමයා පෙර පාසලට ඇරලවීමට ගිය බිරිඳ පැමිණ සිදුවීම දැනගෙන තිබේ.

එහිදී කතා බහ දිග්ගැස්සී මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට මව සහ දියණිය ගොස් සිටියදී මොහු නිවස පහළ ගසක එල්ලී සිටින බවට අවට නිවෙස්වල පදිංචිකරුවන් මෙම දෙදෙනාට දුරකථනයෙන් දන්වා තිබේ.

ඉන් පසුව මෙම දෙදෙනා එහි ගොස් බලා සිද්ධිය පිළිබඳව පොලිසියට නැවත දන්වා තිබේ. පසුව මෙම සිද්ධිය පිළිබඳව තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා පරීක්ෂණයක් පවත්වා තිබේ. රෝහල් පොලිසියේ පොලිස් සැරයන් (14064* කුමාරසිංහ මහතා සාක්‍ෂි මෙහෙයවා තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තා රෝහලේ අධිකරණ වෛද්‍ය කේ.ජී. සම්පත් අරුණ කුමාර මහතා විසින් ලබා දීමෙන් පසුව මෙම මරණය ලාජ්ජාවට පත්වී කරගත් සිය දිවි හානි කර ගැනීමක් බවට මරණ පරීක්ෂක එන්. හිටිහාමී මහතා තීරණය කර ඇත.

තඹුත්තේගම- සී.එම්.ආරියපාල


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka