"රන්ජන්ගේ හඬපට සිද්ධියෙන් නළු - නිළි පරපුරේම ආත්ම ගෞරවය කෙළෙසුණා" යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
මෙහිදී තවදුරටත් කතා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මෙසේ ද කියා සිටියා ය.
රන්ජන් රාමනායකගේ වැඩ නිසා අද සමස්‌ත නළු - නිළි පරපුරේම ආත්ම ගෞරවය කැළලක් ඇති වෙලා තියෙනවා. 'පාර්ලිමන්ට් ජෝක්‌ස්' එක ඔහු සැබෑවටම නිරූපණය කළා. මහජනතාවට සේවයක් කරන්නේ නැතුව මේ වැඩකට නැති දේවල් කිරීමෙන් ඔහුව කර ගත්තේ ලොකු පාපයක්. මහජනතාව ඔහු තෝරලා පාර්ලිමේන්තුවට යෑව්වේ ජනතාවට සේවයක් කරයි කියන බලාපොරොත්තු ඇතුව. නමුත් ඔහු මේ විදිහට මෝඩ රංගනයක යෙදෙන කොට ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව වැදගත් තීන්දුවක් ඔහු වෙනුවෙන් ගන්නවා ෂුවර්.
නළුවෝ එළුවෝ වගේ දේශපාලනය කරන කොට ඔහොම වෙනවා. අද රන්ජන්ව කවුරුවත් ගණන් ගන්නේ නැති චරිතයක් බවට පත් වෙලා.
Under the courtesy of divaina.com.lk news web