ඊයේ (06) දිවා ආහාරය සඳහා ඉලුක්කැටිය ප්‍රදේශයේ අවන්හලකට පැමිණි නීතිඥවරියක් සහ ඇගේ සැමියා විසින් හට්ටි මුට්ටි පොඩි කර අලාභයක් සිදු කර පලා ගොස් ඇතැයි කොස්මෝදර පොලිසියට හිමිකරු විසින්
පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ සිදුවීමට මුහුණ දුන් හෝටලයේ හිමිකරු පවසන්නේ මොරවක මහේස්ත්‍රාත් උසාවිය සඳහා නඩු කටයුත්තකට සහභාගී වී පැමිණි නීතිඥවරියක් සහ ඇගේ සැමියා දිවා ආහාරය සඳහා අවන්හලට පැමිණ ඌරු මස් සහිත කෑම වට්ටෝරුවක් ඉල්ලු බවයි.
ලබා දෙන ඌරු මස් ප්‍රමාණයට අමතරව තවත් ඌරු මස් ඔවුන් ඉල්ලා සිට ඇති අතර හිමිකරු විසින් ඒ සඳහා අමතර ගෙවීමක් සිදු කල යුතු බව පවසා ඇති අවස්ථාවේදී ඔවුන් හිමිකරුට සහ සේවකයින්ට බැන වැදී එහි තිබු උපකරණ වලට පහර දී අලාභ හානි සිදු කර පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වෙත හිමිකරු පැමිණිල්ලක් සිදු කර ඇති අතර කොස්මෝදර පොලිස් නිලධාරීන් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරනවා.