මෙම අනතුරෙන් මිය ගිය පස්දෙනාම වෑන් රථයේ ගමන් කළ අය වන අතර ඔවුන්ගෙන් හතර දෙනෙක්ම එකම පවුලේ අයයි.
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරෙන් පසුව බස් රථය හා වෑන් රථය ගිනි ගත්තේ කිසියම්
පිරිසක් විසින් ගිනි තැබීම නිසා බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වීමත් සමග වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (24දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අනතුරෙන් මිය ගිය පස්දෙනාම වෑන් රථයේ ගමන් කළ අය වන අතර ඔවුන්ගෙන් හතර දෙනෙක්ම එකම පවුලේ අයයි.
කොළඹ වැල්ලවත්තේ පදිංචි ආරුමුගම් දේවරාජ් (63), දේවරාජා සුගන්ධිනී (51) දේවරාජා සුදර්ශන් (30) රාමලිංගම් සෝමසුන්දරම් (82) යන එකම පවුලේ හතරදෙනාද වෑන් රථයේ රියැදුරු වන විජයකුමාර් රොෂන්තන් (25) නමැත්තාද මේ අනතුරෙන් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර ඔවුන්ගේ ඥාතීන් පැමිණීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතව තිබුණා.
සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය වවුනියාවේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කර ඇති අතර, බස් රථයේ රියදුරුද තුවාල ලබා මේ වන විට රෝහල් ගතකර ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
under the courtesy of gossip.hirufm.lk news web