Wednesday, February 12, 2020

9 වසරේ පාසල් දැරිය ගැබිණියක් කළ 17 හැවිරිදි පෙම්වතා වැඩ වරද්දා ගනී

දැරිය වැවකට පැන සියදිවි හානිකරගන්න හදලා..
මව අවුරුදු 2කට රට ගිහිල්ලා
6 පත්තියේ ඉඳන් පෙම් සබඳතාවය තිබිලා

යස අවුරුදු 14යි මාස 04ක බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 17ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම දැරියගේ මව රැකියාවක් සඳහා මීට අවුරුදු දෙකකට පමණ පෙර විදෙස් ගතව ඇත.

පියා තම බිරිය හා දරුවන් අත්හැර ගොස් වසර 04ක් පමණ ගතව ඇත. දැරිය හැදී වැඞී ඇත්තේ සිය මිත්තනියගේ රැකවරණය යටතේය. ඒ අතරතුර
කාලයේ දී දැරිය 06 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී තිබූ පේ‍්‍රම සම්බන්ධතාවයක් අනුව තරුණයකු මිත්තනියගේ නිවෙසට කැඳවා ගෙන රහසිගත සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස දැරිය ගැබ්ගෙන ඇත. මෙම සිද්ධිය දැනගත් තරුණයාගේ පියා දැරිය මරණ බවට තර්ජනය කිරීමත් සමගම ඇය වැවකට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ ගනිද්දී අසල්වාසීන් විසින් 119 හදිසි අංකයට දැනුම් දී අනතුර වළක්වා ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ දැරිය සිය භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරු ඊයේ (11 වැනිදා දඹුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දැරිය ද ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප ශානිකා රණසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වයි.


under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka