කුලියාපිටිය - කඩිගමුව මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් විදුහල්පතිනියගේ පහරකෑමට ලක්ව කොළඹ ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඇගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය සඳුදා පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී තම දියණිය මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු බිංගිරිය පොලීසියට පැමිණිල්ලක්ද යොමුකර ඇති අතර, දැනට අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන දැරිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තවත් සිසු සිසුවියන් පිරිසකට විදුහල්පතිනිය පහරදීමේදී තමන්ටද පහරවැදුණු බවයි.
මෙම සිදුවීමෙන් පසු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග නොගන්නා ලෙස තමන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි දැරියගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පහරකෑමෙන් දැරියගේ ඇසකට හානි සිදුවී ඇති අතර, තවදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවයි රෝහල් ප්‍රකාශිකාවක් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට කුලියාපිටිය - කඩිගමුව මහා විද්‍යාලයේ විදුහල්පතිනිය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත් දුරකථනයට ප්‍රතිචාර දැක්වූ විදුහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ අද දිනයේ විදුහල්පතිනිය පාසලට නොපැමිණි බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව බිංගිරිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

under the courtesy of gossip.hirufm.lk news web