Tuesday, February 25, 2020

අම්මයි දුවයි ලක්‍ෂ 60 ක කුඩු පැකට් කරලා - කුඩු පැකට් දෙදාහක් සමග හයක් දැලේ

නිවස වටලන අවස්ථාවේදී ප‍්‍රධාන සැකකාරිය ඇතුළු අනෙක් සැකකරුවන් මත්කුඩු පැකට් කරමින් සිට ඇත

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමින් යුත් මත්කුඩු තොගයක් සමග මව, දියණිය ඇතුළු
සැකකරුවන් 6 දෙනකු පෙරේදා (22 දා - සවස අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පැවසීය.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පිළියන්දල, දැල්තර ප‍්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. නිවස වටලන අවස්ථාවේදී ප‍්‍රධාන සැකකාරිය ඇතුළු අනෙක් සැකකරුවන් මත්කුඩු පැකට් කරමින් සිටි බවද පොලිසිය පැවසීය. එහිදී මත්කුඩු ග‍්‍රෑම් 500 කට අධික ප‍්‍රමාණයක් සහ මත්කුඩු පැකට් 2000 ක්ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.

ප‍්‍රධාන සැකකාරිය අදාළ නිවස සඳහා රු. විසිදහසක මුදලක් කුලී වශයෙන් ගෙවා තිබේ. මෙම නිවසේ සිට පැකට් කරන මත්කුඩු පිළියන්දල, ගල්කිස්ස, කොහුවල, කළුබෝවිල යනාදී ප‍්‍රදේශවලට බෙදාහැර ඇති බව පොලිසිය පැවසීය. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පේ‍්‍රමරත්න මහතාගෙ අධීක්ෂණය යටතේ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පො.ප. ජයශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. නීල් ඇතුළු කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදු කළහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ඔරුවල සරත් ද සිල්වා 

under the courtesy of Divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka