Friday, February 7, 2020

කැළඹුණු කොරෝනා බිලිගත් ජීවිත ගණන 500 ඉක්මවයි - උපත ලබා පැය 30ක් ගතවූ බිළිඳෙක් ළාබාලතම කොරෝනා රෝගීයා ලෙස හඳුනා ගනී

ව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 565ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් 28කින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 28,000කට අධිකයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පළමු වරට හඳුනා ගැනුණු නව කෙරෝනා වෛරසය මේ වනවිට පුද්ගලයින් 28,268 දෙනෙකු ආසාදිතයින් බවට පත් කර තිබෙනවා.

ගතවූ පැය 24 තුළ වෛරසය ආසාදනය වූ චීන ජාතිකයින් 73 ක් මියගොස් තිබෙනවා.

උපත ලබා පැය 30ක් ගතවූ බිළිඳෙක් ද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළා.

අදාළ බිළිඳා කොරෝනා වෛරසය ආසාදනය වූ ලාබාලතම රෝගියා වන අතර අදාළ වෛරසය කොරෝනා ආසාදිත සිය මවගෙන් වැළඳෙන්නට ඇති බවට සැක කරනවා.

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දින 15ක් තුළ වූහාන් හි ඉදිවන ඇඳන් 1600කින් යුත් ලෙයි ෂෙන්ෂාන් රෝහල තවමත් ඉදි වෙමින් පවතිනවා.

චීනයේ ෂැංඩොං ඇතුළු ප්‍රදේශ රැසක රෝහල්වල කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු රෝබෝවරුන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයින් නිරීක්ෂණයට යොදාගෙන තිබෙනවා.

චීනයේ පෞද්ගලික ආයතන, ක්‍රීඩාගාර මෙන්ම රජයට අයත් නොයෙක් ස්ථාන රෝගීන්ට තාවකාලිකව නැවති සිටීමට හැකිවන ලෙස ඇඳන් දමා සකස් කර තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය කල් දැමීමට එරට වෘත්තියෙන් පොලිස් නිලධාරියෙකු සහ හෙදියක් වූ යුවළකට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, තවත් යුවළක් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තිය පසුබිමක විවාහ ගිවිස ගෙන තිබෙනවා.

විවාහ මංගල උත්සවයෙන් පසු අදාළ යුවළ නැවතත් රාජකාරියට වාර්තා කර තිබුණේ මෙලෙසින්.

චීනය පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය මැඩලීමට යුහුසුළුව කටයුතු කරන වෛද්‍යවරු ඇතුළු නිලධාරීන් දිරිගැන්වීම සඳහා සූර්ය පැනල භාවිතයෙන් උදාන වැකි විදහා දක්වන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය මෙලෙස වාර්තා කළා.

කොරෝනා වෛරසයේ තිඹිරිගෙය වූ වූහාන් නගරය ඇතුළු ආසන්න නගර රැසක විසබීජ විනාශ කිරීමට නව තාක්ෂණය යොදාගෙන තිබෙනවා.

මාරාන්තික කොරෝනා වෛරසය සමඟ සටන් කරන නේවාසික රෝගීන් දිරිගන්වන වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කෙරෙහි ද බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.

ලෙන්ගතු බැඳීම් ද දුරස් කරමින් ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන වෛරසය මැඩලීමට සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරියෙකු සිය නිවස තුළට නොගොස් පිටත රැඳී සිටිමින් ආහාර වේල භුක්ති විදින්නේ ආදරණීය බිරිඳගේ මෙන්ම දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන්.

චීනයේ රෝහලක කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කළ 62 හැවිරිදි වෛද්‍යවරයෙකු හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු ජීවිතයට සමුදුන්නේ කොරෝනා වෛරසය වැළඳීමෙන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.

උද්ගතව ඇති ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ සති 3ක වැටුප් රහිත නිවාඩුවක් ලබා ගන්නා ලෙස හොංකොං රාජ්‍යයට අයත් කැතේ පැසිෆික් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීම් කර සිටිනවා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka