Tuesday, February 4, 2020

ලෝකයම බියගැන්වූ කොරෝනා බිලිගත් ජීවිත ගණන 400 ඉක්මවයි - ආසාදිතයින් 20,000කට ආසන්නයි

පැය 24ක් තුළ නව මරණ 64ක් වාර්තා වෙයි..
ඇමරිකාවේ ආසාදිත වූ මුළු සංඛ්‍යාව 11ක්...
ඇමරිකානු විශේෂඥයින් පිරිසක් චීනයට?
කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 425 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පැය 24ක් තුළ නව මරණ 64ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ නව රෝගීන් ගණන 2345ක්.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ මුළු රෝගීන් සංඛ්‍යාව 19,550ක් වනවා.

මේ අතර කොරෝනා වෛරසය වැළදුණු රෝගීන්ට ප්‍රතිකාර කරන චීන රෝහල් තුළ භාවිත කරන මුඛ ආවරණවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කළ යුතු බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අවධාරණය කර තිබෙනවා.

චීනයේ කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මත පියා සහ සොහොයුරා සතියක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතරතුර 16 හැවිරිදි ආබාධිත දරුවෙකු නිරාහාරව ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය පුවතක් බී.බී.සී පුවත් සේවය වාර්තා කර තිබුණා.

අදාළ කාලය තුළ එම දරුවා ආහාර ගෙන ඇත්තේ දෙවරක් පමණක් වන අතර සිද්ධියට අදාළව ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සහ හුවාජියාහේ නගරයේ නගරාධිපතිවරයා සේවයෙන් ඉවත් කර තිබෙනවා.

මේ අතර, ඇමරිකාව තුළදී පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වන දෙවන සිදුවීම වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

ඒ අනුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එරට කොරෝනා ආසාදිත වූ මුළු සංඛ්‍යාව 11ක් වනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගත නොහැකිවීම නිසා ඇමරිකානු විශේෂඥයින්ට සිය රටට පැමිණෙන ලෙසට චීනය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ ඇමරිකාව එම ඉල්ලීම පිළිගෙන ඇති බවයි.

 under the courtesy of gossip.hirufm.lk news web



------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka