Tuesday, February 25, 2020

ඉතාලියේ 4 වන කොරෝනා වෛරස් මරණයත් වාර්තා වෙයි

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද මේ වනවිට 157 දක්වා ඉහළ ගොස් ඇත
කොවිඞ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ 4 වන මරණය ද වාර්තා වුණා.
වෛරසය පැතිරුණු උතුරු දිග ලොම්බාඩි කලාපයේ 84 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා.

ලොම්බාඩි ප්‍රදේශයෙන් වාර්තා වන 03 වන කෙරෝනා වෛරස් මරණය මෙය වන අතර, යාබද වෙනිටෝ කලාපයෙන් ද මරණයක් වාර්තා වුණා.

මෙම කලාප දෙකෙහිම නගර 11 මේ වන විට වසා දමා ඇති අතර, එහි වෙසෙන 50,000 අධික ජනතාවට ඉන් නික්මීම හෝ පිටස්තර පුද්ගලයින්ට එහි පැමිණීම තහනම් වනවා.

අග්‍රාමාත්‍ය ජුසපෙ කොන්ටි ප්‍රකාශ කළේ වෛරසය මැඬ පැවැත්වීම සඳහා එලෙස සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය වන බවයි ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද මේ වනවිට 157 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය යුරෝපයේ ඉහළම ආසාදිත සංඛ්‍යාවයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka