Friday, February 28, 2020

වයස 28 දෙදරු පියා, 54 හැවිරිදි කාන්තාව විවාහ කර ගන්නා බව පවසා සිදු කළ වංචාව මාට්ටු වූ හැටි

ඇය සමඟ විවාහ වන බව කියා රවටා මුදල් අරගෙන 

බැංකු කාඩ් එකත් සොරකම් කරලා

54 හැවිරිදි කාන්තාවක පෙම්වතිය කරගනිමින් එම කාන්තාවගේ බැංකු කාඩ්පතින් විසිඅට ලක්ෂ හැට දහසක මුදලක් සොරාගත් 28 හැවිරිදි දෙදරු පියකු වූ පුද්ගලයකු බදුල්ල, මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් අවිවාහක යැයි කියමින් විවාහ යෝජනාවක් මඟින් 54 වියැති කත විවාහ කරගැනීමට කැමැත්ත පළකර ඇගේ පෙම්වතා වූ මෙම සැකකරු බදුල්ල රොක්හිල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි
විවාහක දෙදරු පියකු බවද පොලිසිය පවසනවා.

ඔක්කම්පිටිය පාර, බුත්තල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට අයත් ඉඩමක් මීට මාස දෙකකට ඉහතදී රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂයකට (1,34,00000) විකුණා ඇති අතර එම මුදල් මොනරාගල ප්‍රදේශයේ බැංකු ශාඛාවක ගිණුමක් අරඹමින් එම ගිණුමට බැර කරගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය සමඟ විවාහ වන බව කියා සමීප වී සිටි පුද්ගලයාද බැංකුවට ගොස් ඇති අතර බැංකු කාඩ්පත කාන්තාවට ලබාදෙන අවස්ථාවේදී මොහු විසින් තමා සන්තකයේ ඇති වෙනත් කාඩ්පතක් මාරුකර එම කාන්තාවගේ කාඩ්පත සොරාගෙන ඇත. ඉන්පසුව සැකකරු අවස්ථා 48කදී බදුල්ල හා අවට ප්‍රදේශවල ඇති මුදල් ගැනීමේ යන්ත්‍රවලින් විසිඅට ලක්ෂ හැට දහසක මුදල් ප්‍රමාණයක් සොරාගෙන ඇති බව වාර්තාවනවා.

තම ගිණුමේ මුදල් අඩුවීම සම්බන්ධයෙන් කුසුමලතා නමැති කාන්තාව බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත 24 වැනිදා පැමිණිල්ලක් සිදුකළ අතර ඇයගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඇය රැවටීමට ලක්කළ 28 හැවිරිදි පෙම්වතා එදිනම අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරු වෙනත් පුද්ගලයකුගේ බස්රථයක් මිලදී ගැනීමට රුපියල් 28,60,000ක මුදල යොදවා ඇති අතර එම මුදල් පැමිණිලිකාර කාන්තාවගේ ගිණුමෙන් සොරගෙන ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව වාර්තාවනවා. 

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka