Tuesday, February 25, 2020

චමරිගේ උත්සාහය හේන්ස්ට යටවෙයි - 2020 ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට්

2020 ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගයට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකාව ඊයේ (24 වැනිදා) ඔස්ටේ‍්‍රලියාව හමුවේ කඩුලූ 5ක පරාජයක් ලැබීය. එ් අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ‘එ්’ කාණ්ඩයෙන් තරග වදින ශී‍්‍ර ලංකාව මේ වන විට සහභාගි වූ තරග දෙකම පරාජයට පත්වෙමින් එම
කාණ්ඩයේ අවසන්  ස්ථානයට පත්ව තිබේ.

 ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් කී‍්‍රඩාංගණයේ පැවැති අදාළ තරගයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායිකාව පළමුවෙන් පිති ප‍්‍රහාරයේ යෙදීමට තීරණය කළාය. එ් අනුව ඉනිම දියත් කළ ශී‍්‍ර ලංකා කි‍්‍රඩිකාවෝ පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තාය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සත්කාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 19. 2කදී කඩුලූ 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියාය.

 මුළු ලකුණු 10කට ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ කඩුලූ 3ක් දැවී තිබියදී පිටියට එක්වූ මේග් ලනින් සහ රේචල් හේන්ස් ලකුණු 95ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඔස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රාහි මාවත විවර කිරීමට සමත් වූවාය. පන්දු 47කදී ලකුණු 60කින් ඔස්ටේ‍්‍රලියානු ඉනිම සැරසු හේන්ස් හතරේ පහර 4ක් සහ හයේ පහර 2කින් ශී‍්‍ර ලංකා පන්දු යවන්නියන්ට සංග‍්‍රහ කළාය.

 ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ ශී‍්‍ර ලංකා කඩුලූ රකින කී‍්‍රඩිකා අනුෂ්කා සංජීවනීගේ ස්ටම්ප් කිරීමක් හමුවේ හේන්ස් දැවී යෑමෙන් අනතුරුව ජයග‍්‍රහණය සොයා යන සටන අත් නොහැරූ මේග් ලනින් නොදැවී පන්දු 44කදී ලකුණු 41ක් වාර්තා කළාය.

 ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ල තරගයේ යවන ලද තෙවැනි පන්දුවේදී බිඳ දැමීමට මේගන් ස්කට් සමත් වූවාය. ආරම්භක පිතිකාරිණි හසිනි පෙරේරා ලකුණු නොලබා පිටියෙන් ඉවත් වෙද්දී ශී‍්‍ර ලංකාවේ බර කරට ගත් චමරි අතපත්තු සහ උමේෂා තිමාෂිනී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් එක් කළාය. තිමාෂිනී පන්දු 20කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 20ක් ලබා සිටියදී නිකොලා කේරිගේ පන්දුවක් හමුවේ ජේස් ජෙන්සන් අතට උඩපන්දුවක් දී දැවී ගියාය.

 ශී‍්‍ර ලංකා ඉනිම ගොඩ නැගූ චමරි අතපත්තු ඊයේ සිය තුන් වැනි විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූවාය. පන්දු 38කදී වාර්තා වූ එම ලකුණු 50 සඳහා හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් එක් කිරීමටද ඇය වග බලා ගත්තාය. අනුෂ්කා සංජීවනි චමරි අතපත්තු සමග එක්ව තුන් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක අගනා වටිනා ලකුණු සම්බන්ධතාවක් එක් කළායා. මෝලි ස්ට‍්‍රනේගේ පන්දුවක් හමුවේ ඩෙලිසා කෙම්මින්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් අනුෂ්කා දැවී යනවිටදී පන්දු 31කදී ලකුණු 25ක් ලබා සිටියාය.

 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තෙවැනි තරගය ලබන 29 වැනිදා ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වේ.

 ලකුණු සටහන

 ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 5ක් දැවී ලකුණු 122යි (චමරි අතපත්තු 50, උමේෂා තිමාෂිනී 20, අනුෂ්කා සංජීවනී 25, නිලක්ෂි ද සිල්වා 18, නිකොලා කේරි 2/18, මෝලි ස්ට‍්‍රානෝ 2/23, මේගන් ස්කට් 1/15)

 ඔස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19. 3කදී කඩුලූ 5ක් දැවී ලකුණු 123යි (රේචල් හේන්ස් 60, මේග් ලනින් (නොදැවී) 41, උදේශිකා ප‍්‍රබෝධනී 2/17, ශෂිකලා සිරිවර්ධන 2/20, චමරි අතපත්තු 1/28)
 

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka