මැණිකේ මොකද කරන්නේ” කියා දුරකථනයෙන් මට කතාකරන විට කෝච්චියක ශබ්දයක් ඇසුණා.... 20 හැවිරිදි බිරිඳ කියයි
මියගිය අය විවාහ වී මාස 3 ක් වන බව පරීක්‍ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.
නිවාඩු ලබා නිවසට පැමිණ යළි සේවයට ගිය 23 හැවිරිදි යුද හමුදා යාන්ත‍්‍රික සෙබළාගේ හිස වෙන් වූ මළ සිරුර ගම්පොළ නාවලපිටිය දුම්රිය මාර්ගයේ කොස්ගොල්ල පාලම මත තිබියදී ගම්පොළ පොලිසිය මඟින් 26 දා සොයාගෙන
තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ කෙසෙල්වත්ත පාරේ රාහිම්මලේ ප‍්‍රදේශයේ පදිංචි රූපසිංහ ආරච්චිලාගේ තිළිණ සම්පත් නමැති අයයි.
මොහු ශ‍්‍රී ලංකා යාන්ත‍්‍රික ඉංජිනේරු බළකායේ
උඩවලව සේවාස්ථානයේ සිට මෙසේ නිවාඩු ලබා නිවසට පැමිණ තිබේ.
මියගිය අය විවාහ වී මාස 3 ක් වන බව පරීක්‍ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.
මෙහි ස්ථානීය පරීක්‍ෂණය සඳහා ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක නලින් ඒ. මැදිවක මහතා පැමිණ සිටි අතර එහිදී මියගිය අයගේ බිරිඳ වන විසි හැවිරිදි මිනෝකි ගීත්වරා නිව්‍යන්දියා යන අය පවසා සිටියේ දවස් 10 ක නිවාඩු ලබා 14 වැනි දින නිවසට පැමිණි සැමියා නිවාඩු අවසන්ව නැවත උඩවලව සේවා ස්ථානය වෙත පිටත්ව ගිය බවයි. රාත‍්‍රි බසයෙන් පිටත්ව යෑමට සූදානම් වූ සැමියාට රාත‍්‍රි 9.00 ට පමණ දුරකථන ඇමතුමක් දුන් පසු බසය පැමිණෙන තුරු ටවුමේ සිටින බව සඳහන් කළ බව ද ඇය පැවසුවාය.
අනතුරුව රාත‍්‍රි 10.30 ට පමණ දුරකථන ඇමතුමක් දුන් පසු තවමත් ටවුමේ සිටින බවත් ”අද මට හොඳට නිදාගන්න පුළුවන්” යැයි ඔහු සඳහන් කළ බවත් ඇය පැවසුවාය.
අනතුරුව ඔහු 11.45 ට පමණ තමාට දුරකථන ඇමතුමක් දී ”මැණිකේ ඔයා මොනවද කරන්නේ?” කියා විමසන විට කෝච්චියක ශබ්දය ඇසුණු බවත් ඉන්පසු දුරකථනයෙන් ප‍්‍රතිචාරයක් නොලැබුණු බවත් ඇය ප‍්‍රකාශ කරමින් මරණ පරීක්‍ෂකවරයා හමුවේ දන්වා සිටියේ විවාහ වී මේ කෙටි කාලය තුළ දෙදෙනා අතර කිසිම අඬ දබරයක් සිදු නොවුණු බවයි.
මියගිය අයගේ හිස දුම්රිය පීලි අතර රැුඳී තිබූ අතර සිරුර පාලම මත පහළට එල්ලෙමින් තිබුණි.
ගම්පොළ පොලිසියේ ස්ථානීය පරීක්‍ෂණ කණ්ඩායම (සොකො සමග පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලදි.
මියගිය අයගේ හිස දුම්රිය පීලි අතර රැුඳී තිබූ අතර සිරුර පාලම මත පහළට එල්ලෙමින් තිබුණි.
ගම්පොළ පොලිසියේ ස්ථානීය පරීක්‍ෂණ කණ්ඩායම (සොකො සමග පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලදි.
under the courtesy of divaina.com news web