Tuesday, February 18, 2020

16 හැවිරිදි පාසල් සිසුවිය පැහැරගෙන ගොස්, සති දෙකක් තිස්සෙ අඹුකමට ගත්ත පොළොන්නරුවේ කොන්දොස්තර වැඩ වරද්දා ගනී

සැකකරු ඇයගේ නිවසේ කුලියට පදිංචිව සිටි අයෙක් 


16 හැවිරිදි බාලවයස්කාර දැරියක දෙමාපිය භාරකාරත්වයෙන් රැගෙන ගොස් සති දෙකක පමණ කාලයක් ඇය නිවසක රඳවාගෙන දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති කොන්දොස්තරවරයෙක් මෙම මස 28 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා පසුගිය 15 දා නියෝග කළා.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පොලොන්නරුව ඩිපෝවේ සේවය කරන (36) හැවිරිදි විවාහක දෙදරු පියෙක්.

මෙහි වින්දිත දැරිය ජයන්තිපුර ප්‍රදේශයට ආසන්න ගමක පදිංචිකාරියක වන අතර සැකකරු ඇයගේ
නිවසේ කුලියට පදිංචිව සිටි අයකු බව පැවසෙනවා.

නිවැසියන් විසින් සැකකරුට නිවසින් පිටත්ව වෙනත් නවාතැනක් සොයා ගන්නා ලෙසට දැනුම් දුන් පසු ඔහු දැරිය රවටාගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බවයි පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ.

එසේ ගිය ඔවුන් දෙදෙනා හිඟුරක්ගොඩ ප්‍රදේශයේ නිවසක සති දෙකක පමණ කාලයක් රැඳී සිට ඇති බවත් එහිදී සැකකරු විසින් දින ගණනාවක්ම දැරියට අතවර කොට තිබෙන බවටත් තොරතුරු හෙළිවී ඇති බව අධිකරණයට කරුණු දැක්වූ මින්නේරිය පොලිසිය සඳහන් කළා. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් වින්දිත දැරිය පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කළා.

මින්නේරිය පොලිසිය පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ඒ. ඒ. නාලක බණ්ඩාර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියා.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka