Wednesday, February 12, 2020

නරුම විදුහල්පතිනියගේ ඉවක් බවක් නැති කෝටු පහර නිසා 12 හැවිරිදි නෙත්මි සමදරා දැරියට ඇසක් අහිමිවෙයි

අක්ෂි රෝහලේ දින හතරක කාලයක් ප්‍රතිකාර කරලා
තවමත් ඇස් නොපෙනීම සුව වී නැහැ

බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක්  විරෝධතාවයක නිරත වුනා.

පසුගිය 03 වැනි දින පාසල් කාලය තුළ මේ පහර දීම සිදුව තිබෙනවා.

මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි සමදරා නමැති සිසුවියගේයි.

12 හැවිරිදි මේ සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී

විදුහල්පතිනිය හතර අතේ එල්ල කළ කෝටු පහරක් ඇගේ ඇසක වැදී ඇති බව සඳහන්.

මේ අවස්ථාවේදී මේ සිසුවිය බීම ඇද වැටුනත් විදුහල්පතියය සිසුවිය ගැන සොයා නොබලා කටයුතු කර ඇති බවද පසුව විදුහලේ වෙනත් ගුරුවරියක් මැදිහත්ව ඇයට ප්‍රථමාධාර දී ඇති බවද වාර්තා වුනා.

පසුව පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර කර තිබෙන අතර එහිදී වෛද්‍යවරයාට අසත්‍ය දේ කීමට විදුහලේ තවත් ගුරුවරියන් දෙදෙනෙකු කටයුතු කර ඇති බවද සඳහන් වනවා. මේ හේතුවෙන් මේ බෙහෙත් මේ දරුවාට විෂ වී ඇති අතර පසුව නොනවත්වා වමනය යාම හේතුවෙන් සිදුවිම වූ දිනට පසුදින කුලියාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කුලියාපිටිය රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වහාම මේ දැරිය කොළඹ අක්ෂි රෝහල වෙත මාරු කර යැවීමට කුලියාපිටිය රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණා.

අක්ෂි රෝහලේ දින හතරක කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු මේ දැරිය මේ වන විට නිවසට ඒවා ඇති අතර එහෙත් දැරියගේ ඇස් නොපෙනීම සම්පුර්ණයෙන් සුව වී නැහැ.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් දැරියගේ පියා ඉල්ලා ඇතත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුව නොමැති බව දැරියගේ පියා වජිර ප්‍රසන්න කියා තිබෙනවා.

තමනට අවශ්‍ය වන්දියක් නොව තම දරුවාගේ නොපෙනී ගිය ඇසේ පෙනීම නැවත ලබා ගැනීම බව වජිර ප්‍රසන්න මහතා වැඩිදුරටත් පැවසිය.

මේ විරෝධතාවය පැවති ස්ථානයට බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ සිටි අතර ඔහු කියා සිටියේ මේ පිලිබදව පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි.


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka