Thursday, February 6, 2020

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් අඩු ආදායම්ලාභීන්ට සහන මිලට ලබාදීම මාර්තු මාසයේ ක්‍රියාත්මක වෙයි -

ත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක් අඩු ආදායම්ලාභීන් සඳහා සහනදායි ලෙස ලබාදීමට ජනාධිපතිවරයා වූ පොරොන්දුව ලබන මාර්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ලංකා සතොස, සමූපකාර වෙළඳසැල් සහ කාන්තා ව්‍යවසායකයින් සහිත වෙළඳසැල්වලට ප්‍රමුඛත්වය ලබාදී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

සහල් පිටි සීනි ගොඩනැගිලි ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍රවල ඒකාධිකාරී වෙළඳ  ක්‍රමය ඉවත් කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

පුරන් කුඹුරු යලි සංවර්ධනය කරමින් පාරම්පරික වී, එළවළු පළතුරු සහ මල් වගාවන් දියුණු කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

පරිභෝජනයට සහ පරිසර සංරක්ෂනයට අහිතකර ආනයනයන් පාලනය කරමින් රට තුළ නිශ්පාදනය කළ හැකි අල, ලූණු, බඩඉරිඟු, සෝයා, උඳූ, මුං ඇට නිශ්පාදනයට එළඹෙන යල කන්නයේදී කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ සඳහා අවශ්‍ය බීජ පොහොර සහ මුදල් මෙන්ම ගොවීන්ට සාධාරණ මිලක් ලබාගත හැකි සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි අගමැතිවරයා කියාසිටියේ.

සීනි, කිරිපිටි, තිරිඟු පිටි සැමන් කරවල වැනි විශාල වශයෙන් විදේශ විනිමය වැයවන ආනයනයයන් දේශීයව නිශ්පාදනය කර සමස්ත නිශ්පාදන ආර්ථිකය අපනයන වෙළඳපොල ඉලක්ක වන පරිදි රජයේ වෙළඳ ප්‍රතිපත්තියේ දිශාව වෙනස් කිරීමට ද ප්‍රමුඛත්වය ලබාදෙන බවයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේ.

 under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka