Tuesday, January 28, 2020

"ඇය සුරක්ෂිතයි. ඇයට සියලු ප්‍රතිකාර ලැබෙනවා.." - මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගී කාන්තාව ගැන වෛද්‍යවරුන් හෙළි කළ දේ -Video

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ නිරෝධායනය කර සිටින බවත්, ඇගේ තත්ත්වය බරපතල නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

රෝග විනිශ්චයේදී අනාවරණය වී ඇත්තේ ආසාදිත චීන කාන්තාව දින 5 ක් පුරා මෙරට විවිධ නගරවල සංචාරය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු නව කොරෝනා වෛරසය ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.

සංචාරයක් සඳහා පසුගිය 19 වනදා ඇය මෙරටට පැමිණ ඇත්තේ තවත් කණ්ඩායමක් සමගින්.

ඇය සිය සංචාරයේදී මීගමුව, සීගිරිය, මහනුවර, නුවරඑළිය සහ දකුණු මුහුදු ප්‍රදේශවල සංචාරය කර තිබෙනවා.සිය සංචාරයේ අවසන් දින කිහිපය තුල ඇති වූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාල චීන කාන්තාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුලත් වී ඇත්තේ පසුගිය 25 වනදායි.

ඇය සමග පැමිණි සෙසු සංචාරකයින් මේ වන විට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

වෛද්‍ය පර්යේෂණ ආයතන සිදු කළ මූලික පරීක්ෂණ වලදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර වෛරසයේ ජානමය ස්වරූපය අධ්‍යයනය කිරීම සඳහා සාම්පල විදේශ රටකට යොමු කෙරෙනු ඇති.

මාධ්‍යවේදියා - මම කැමතියි දැනගන්න IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය සම්බන්ධයෙන්.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ - දැන් ඇය බරපතල තත්ත්වයේ නැහැ.
මාධ්‍යවේදියා - ඒ කියනේනේ ඇගේ තත්ත්වය සුබදායීද?
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ - මට රෝග සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න බැහැ. නමුත් ඇය සුරක්ෂිතයි. ඇයට සියලු ප්‍රතිකාර ලැබෙනවා. දෙවන ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙලත් ආරම්භ කළා. ඇය සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ පසුවනවා.
මාධ්‍යවේදියා - ආසාදිත රෝගියා දැන් ගිහිල්ලා තියෙනවා හොටෙල් කිහිපයකට. එතකොට ඒවා පරික්ෂාවට ලක් කරනවද?
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ - ඒ ඉඳපු දැන් දන්නවා. එතකොට ඒ සෙඛ්‍ය කාර්ය මණ්ඩල ඒ ආයතන වලට ගිහිල්ලා අවශ්‍ය උපදෙස් සහ ගතයුතු පියවර සම්බන්ධයෙන් කටයුතු කරනවා දැන්.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන සංචාරක හෝටල් සේවකයෙක් අද පස්වරුවේ බලපිටිය මූලික රෝහලට ඇතුලත්ව ඇති අතර එම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත මාරුකර යැවුණා.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන තවත් රෝගීන් කිහිප දෙනෙක් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
 
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka