යාපනයේ පන්නෙයි ප‍්‍රදේශයේ මුහුද අසල පිහිටි උද්‍යානයකදී වෛද්‍ය ශිෂ්‍යාවට පිහියකින් ඇන මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු යාපනය පොලිසියට අල්ලා දී තිබුණේ ඒ අවට සිටි ජනතාව විසිනි.
සැකකරු පිහියෙන් අනින අවස්ථාවේදී ශිෂ්‍යාව කෑගසා ඇති අතර අවට සිටි ජනතාව ඒ පිළිබඳව විපරම්කොට බැලීමේදී සැකකරු තුවාල සහිත ශිෂ්‍යාව මුහුදට තල්ලූ කොට පලා යෑමට සූදානම් වී තිබේ.
මේ අවස්ථාවේදී ක‍්‍රියාත්මක වූ පිරිසක් ඔහු ලූහුබැඳ ගොස් අල්ලා පොලිසියට භාරදී තිබිණි.
යාපනය පොලීසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා විවාහ වී සිටි බවත් එම විවාහයට වෛද්‍ය ශිෂ්‍යාවගේ මව දැඩි සේ විරුද්ධ වීම නිසා මේ දෙදෙනා අතර නිතරම ආරවුල් ඇති වූ බවත්ය.
වෛද්‍ය ශිෂ්‍යාව ඝාතනය කළ සැකකරු වන එරංග දිලිප් කුමාර නමැත්තා පොලිසියට පවසා ඇත්තේ තම බිරිඳ මේ අතරවාරයේ වෙනත් අයෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවකින් පසුවන බවත් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවූ බවත්ය.
වෛද්‍ය ශිෂ්‍යාවගේ සැමියා කිලිනොච්චියේ පරන්තන් යුද හමුදා කඳවුරේ සේවය කරන අතර සිද්ධිය වූ දිනයේදී ඔහු යාපනයට පැමිණ විශ්වවිද්‍යාලයෙන් ඇය කැටුව සිද්ධිය වූ පන්නෙයි උද්‍යානය වෙත පැමිණ තිබේ.
දෙදෙනාම එම ස්ථානයේ කතාබහ කරමින් සිටින අතරවාරයේදී බහින් බස් වීමක් ඇති වී ඇති අතර ඒ අවස්ථාවේදී සැමියා විසින් සිය බිරිඳට පිහියෙන් ඇන තිබේ.
දිනසේන රතුගමගේ

under the courtesy of divaina.com news web