Monday, January 27, 2020

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකියන්ට ආහාර හිඟයක්

චීනයේ වූහාන් නගරයේ සිටින
ශ්‍රී ලාංකියන්ට ආහාර හිඟයක්

මාරාන්තික නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරය අද වනවිට ලෝකයෙන් හුදකලා නගරයක් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.

මිලියන 11 ක පමණ ජනතාවක් වෙසෙන වුහාන් නගරයේ ගුවන්තොටුපොළ,පොදු හා පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන්, නගරයට ප්‍රවේශ වන වෙනත් මාර්ග වසාතැබීම හේතුවෙන් නගරය ජනශුන්‍ය බවට පත්ව ඇත.

මෙවන් පසුබිමක චීනයේ වූහාන් හා සිචුආන් ප්‍රාන්තවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් වහාම දිවයිනට ගෙන්වාගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ
ඒ අනුව සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ වෙසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනිමට පියවර ගෙන තිබෙන බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇති බවත් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේය.

එමෙන්ම චීනයේ නැනින්හි සිටින තවත් සිසුන් 30 දෙනෙකු ඇතුළු විවිධ ප්‍රදේශවල අධ්‍යාපනය ලබන සිසුන් 790 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී ඇති අතර ඔවුන් ද කඩිනමින් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමට ලක්ව ඇති වූහාන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමට ද සියලු විධිවිධාන සලසා ඇති බවයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ අතර චීන බලධාරින් විසින් පසුගිය 23 වැනිදා සිට සිට වූහාන් නගරයට ඇතුළුවීම සහ පිටවී මත තහනම් කරමින් නගරය අක්‍රිය කර තිබීම නිසා තමන් දැඩි අපහසුතාවට ලක්ව ඇති බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අද දෙරණට දැනුම් දුන්නේය.

මේ වන විට තමන් ආහාර අර්බුදයකට පවා මුහුණ දෙමින් සිටින බව ඔවුන් පවසයි.

මේ අතර ග්වැන්ෂෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හා චීන ජාතිකයින් පිරිසක් එරට හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධීකරණය මත වූහාන්හි ශ්‍රී ලාංකිකයින් වෙත ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන දර්ශන පෙළක් අද දෙරණ වෙත ලැබුණි.

මේ අතර නව කොරෝනා වෛරසය වැළඳුණු බවට සැකය මත පුද්ගලයින් සිව්දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පවසිය.

ඒ අතරට චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක්,මෙරට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අයත් වන අතර ඉන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කෙරුණේ 25 රාත්‍රියේදීයී.

ඉන් එක් ශ්‍රී ලාංකිකයෙකු වූහාන්හි අධ්‍යයන කටයුතුවල යෙදී සිට පැමිණි ශිෂ්‍යයෙකු බව සඳහන්.

ඔවුන්ට නව කොරෝනා වෛරසයද ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ ජීව සාම්පල මේවනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදියර කිහිපයකින්ම පරීක්ෂණ සිදුකෙරෙන අතර හෙට වනවිට ඒ පිළිබඳ අවසන් නිගමනය ඉදිරිපත් කළ හැකි බවයි ‍සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.
under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka