Friday, January 24, 2020

මිලානෝ නගරයේ බංකුවක් මත නිදා සිටි ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

ජනවාරි මස දහතුන් වැනි සඳුදා අලුයම ශ්‍රී ලාංකික පුරවැසියකු මිලානෝ නගරයේ මාවතක් අද්දර බංකුවක් මත මියැදී සිටියදී සොයා ගන්නා ලද බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කර තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකික පුරවැසියා නමින් නිශාන්ත ජගත් හේමකීර්ති වැවලගේ වෙන අතර වයස අවුරුදු හතළිස් හතක් බව ද පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

හිංසනයක කිසිදු සලකුණක් මෘත ශරීරය මත නොවෙන අතර මේ දිනවල ඉතාලිය පුරා පවතින අධික ශීතල දේශගුණය හේතුවෙන් මෙම මරණය සිදු වෙන්නට ඇති බව දැනට පිළිගෙන ඇති බවයි සදහන් වන්නේ. මේ සම්බන්ධව මීට අමතරව කිසිදු තොරතුරුක් මිලානෝ පොලිසිය තවමත් ප්‍රකාශ කර නැහැ.
ආහාර සහ නවාතැන් පහසුකම් ලැබීම සඳහා නිර්දේශිත පුද්ගලයකු ලෙස උක්ත ශ්‍රී ලාංකිකයා මිලානෝ නගර සභා ස්වේච්ඡා ආයතනයේ 2017 වසරේ සිට ලැයිස්තුගතව සිටිය ද, උපදෙස් පරිදි ආධාර සඳහා එම ආයතනයේ පෙනී සිට නැති බව පොලිස් වාර්තාවට අමතරව කරන ලද සොයා බැලීමේ දී ​හෙළි වී තිබෙන බවත් සදහන්.

ඉතාලියේ මෙවර සිසිර සෘතුවේ පසුගිය මාස කීපය තුළ අධික ශීතල හේතුවෙන් මහමඟ මිය ගිය හත් වැන්නා ලෙස මෙම මරණය වාර්තා වී තිබෙන බවත් වැඩිදුරටත් සදහන්.

 
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka