Monday, January 27, 2020

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද රැස්වෙයි

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද(27) රැස්වීමට නියමිතයි.

අද පස්වරු 05.00ට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙහිදී වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති.

මෙරට තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කරන ලෙසට
ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අමාත්‍යවරිය විසින් 22 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මේ සඳහා පත්කළ අතර එහි පළමු රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.

මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් තොටුපල සමාගමේ සභාපති විශ්‍රාමික ජනරාල් ජේ.චන්ද්‍රසිරි, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම කමිටුවට උපදෙස් ලබාදීම සඳහා තාක්ෂණික වැඩපිළිවෙලක් සකස් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 11.00ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකකෙරෙන තවත් විදේශිකයන් දෙදෙනෙකු අංගොඩ අයි.ඩී. එච් උණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඊයේ(26) පස්වරුවේ මොවුන් දෙදෙනා ක්වාලාලම්පුර් සිට පැමිණි යු.එල් 315 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වෙයි.

47 හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයෙකු සහ 37 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙකු මෙලෙස රෝහල වෙත ඇතුළත් කර තිබේ.

under the courtesy of adaderana.lk news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka