යාපනය මණියන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දැරියකගේ සිරුර මතට බත් මුට්ටියක් පෙරලී එහි තිබූ කැඳ වතුරට සිරුර දැඩි ලෙස පිලිස්සීම හේතුවෙන් අවුරුදු දෙකක් වයසැති දැරියක් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මණියන්තොට්ටම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකක් වයසැති යසින්තන් ජයලක්ෂි නැමති දැරිය පසුගිය දෙසැම්බර් 23 වනදා නිවසේ සෙල්ලම් කරමින් දැරියගේ මව බත් පිසමින් සිටි මුලුතැන් ගෙට ගොස් ඇත එහිදී ලාම්පුතෙල් ලිපක් මත තිබූ බත් මුට්ටියට දැරිය එකවරම පා පහරක් ගැසීමෙන් බත් මුට්ටියේ තිබූ උණු කැඳ සහිත වතුර දැරියගේ ඇඟ මතට වැටුනු බව දැරියගේ මව පොලීසියට

පවසා ඇත.
කෙසේ වෙතත් උණු කැඳ වතුර සිරුරට වැටීම හේතුවෙන් දැඩි ලෙස පිලිසුම් තුවාල සහිතව යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලද දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බවටත් මවගේ නොසැලකිල්ල එක් හේතුවක් වී මෙම මරණය සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

under the courtesy of mawbima.lk news web