Wednesday, January 1, 2020

දඹුල්ල ආර්ථිකයේ කුණු කැරට් මගඩිය අතටම අල්ලා ගනී

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික පරිශ‍්‍රයක කැරට් තොගයකට පළුදු වූ හා නරක් වූ කැරට් එකතු කර අලෙවි කිරීමේ ජාවාරමක් අතටම අල්ලා ගැනීමට  නගරාධිපතිවරයා ඇතුළු නගර සභා නිලධාරීන්ට හැකි විය.

 රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු මධ්‍යම පළාත් සභා අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි අර්තාපල් අල හා ලොකු ලූනුු ගබඩා පරීක්‍ෂා කිරීමේ නිරතව සිටියදී ලැබුණු තොරතුරකට අනුව අමාත්‍යවරයා ඇතුළු පිරිස අදාළ වෙළෙඳසල පරීක්‍ෂාවට ලක් කළහ.

 එහිදී කැරට් තොගය රැගෙන පැමිණි ව්‍යාපාරිකයා හා තවත් දෙදෙනකු විසින් කැරට් ඇසුරුම් තුළට
පලූදු වූ කැරට් අල එක්කරන අයුරු දැක බලාගත හැකිවිය.

 මේ දිනවල කැරට් කිලෝවක තොග මිල රුපියල් 350 කි. උඩරට ප‍්‍රදේශවලින් දඹුල්ල වෙළෙඳපොළට රැුගෙන එන හොඳ තත්ත්වයේ කැරට් ඇසුරුම් තුළට ඉතාමත් සූක්‍ෂම ආකාරයෙන් පළුදු වූ හා නරක් වූ කැරට් අල කීපයක් එක්කර අමතර වැඩි ලාභයක් ගැනීමට අලෙවි කිරීම සිදුකරන බවට මෙහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිසට තහවුරු විය. අමාත්‍යවරයාගේ උපදෙස් මත නගරාධිපතිවරයා විසින් දඹුල්ල නගර සභා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කැඳවා නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දෙන ලදී.

 මෙහිදී නගරාධිපතිවරයා කියා සිටියේ එසේ පළුදු වූ හා නරක් වූ කැරට් මිලදී ගෙන සිල්ලරට අලෙවි කිරීමේදී එම වෙළෙඳුන්ට විශාල පාඩුවක් සිදු වෙනවා පමණක් නොව එම අලාභය පියවා ගැනීම සඳහා කැරට් මිල වැඩියෙන් අලෙවි කිරීමෙන් පාරිභෝගිකයාටද ඉහළ මිල ගණන්වලට කැරට් මිලදී ගැනීමට සිදුවන බවයි.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka