Friday, January 24, 2020

නින්දේ සිටි සිඟිත්තාට අයියා වැලි කවලා


පනාමුර පොලිස් වසමේ මහයාය ප්‍රදේශයේ නිවසක යහනේ නිදි සුව විඳිමින් සිටි හත්මස් සිඟිත්තකුට ඔහුගේ තුන් හැවිරිදි සොහොයුරා විසින් මුහුණට වැලිදමා රෝගීව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පනාමුර පොලිසිය කියයි.

හතරින්ගේ අජිත් විජේවික්‍රම (31) හා හපුවලානාගේ ‍ෙදාන් චමරි ප්‍රියංගා නමැති යුවළගේ දරු දෙදෙනාගේ බාල සිඟිති පුතු එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ පනාමුර මහයාය ප්‍රදේශයේ පදිංචි හතරින්ගේ ලක්ෂිත දෙනෙත් ඉඳුවර නමැති සිඟිති පුතකු බව පොලිසිය කියයි.

ඉකිත් 22දා පස්වරුවේ  සිය මව විසින් සිඟිති පුතු ඇඳෙහි නිදිකර ‍ෙදාර වසා ඉන් පිටතට ගොස් ඇති බවත් සෙල්ලම් කරමින් සිටි තුන් හැවිරිදි වැඩිමහල් දරුවා එම කාමරයට ඇතුළුවී මියගිය  සිඟිත්තාගේ නහය හා මුඛය ප්‍රදේශයට සියුම් වැලි දමා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

 "අම්මේ මම මල්ලිට වැලි කැව්වා" යැයි  වැලි දැමීමෙන් අනතුරුව එම තුන් හැවිරිදි පුතු සිය මවට

පවසා ඇත. අනතුරුව එම මව සිඟිති දරුවා ළගට දිව ගොස් ඇති බවත් පසුව දරුවාගේ මුහුණට දමා තිබූ වැලි ඉවත් කර  දරුවා රැගෙන මහ පාරට දිවගොස්  විලාප නඟා  ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

පසුව  එම මවගේ විලාපය ඇසුණු අසල්වැසියන් එම ස්ථානයට පැමිණ දරුවා සමඟ මව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව රෝහලේදී දරුවා මියගොස් ඇති බවත් පොලිසිය
කියයි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ  ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩබ්.ටී.එම්.සී.කේ. බණ්ඩාර, පොලිස් සැරයන් ඥානතිලක (32643) යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කළහ.

එහි මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු පනාමුර මහයාය ප්‍රදේශයේ එම සිඟිත්තාගේ  නිවෙසේදී ඉකුත්දා (23දා) පස්වරුවේ ඇඹිලිපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතා විසින් සිදුකරනු ලැබීය.

මියගිය දරුවාගේ මෘත දේහය ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද පනාමුර පොලිසියේ නිලධාරීන්ට නියෝග කෙරිණි.

 under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka