හුංගම දෙණිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු සතුව තිබූ පිස්තෝලයක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත් වීමේ සිද්ධිය අත් වැරදීමකින් සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් බවට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී ඇති බව පොලිස් කොමිසම කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර ජාතික පොලිස් කොමිසමේ විධායක කමිටු රැස්වීමේ දී පොලිස්පතිවරයා මේ බව වාචිකව කමිටුව හමුවේ ප්‍රකාශ කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේය.
හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේ දී ඉකුත් (19) හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවකු

පොලිස් අණනොතකා යතුරුපැදියක් පළා යමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් සැකකරුවන් ලුහුබැද ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ පොර බැදීමකදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඒ අසල වෑන් රථයක සිටි හුංගම හාතගල පුරාණ රජමහා විහාරයේ වැඩ විසූ බුත්තල උණවටුනේ සීලරතන (21) හිමියෝ සිද්ධියෙන් අපවත් වුහ.

under the courtesy of lankadeepa.lk news web