Monday, January 27, 2020

ලෝකයටම තර්ජනයක් වූ කොරෝනා වෛරසයෙන් බේරෙන්න චීනය දින හයක් තුළ රෝහලක් ඉදි කරන්නේ මෙහෙමයි

කොරෝනා වෛරසය ශරීරගත වී ඇතැයි සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීනයේ වූහාන් (Wuhan) නගරය දින හයක් ඇතුළත රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ වන විට 2000කට අධික පිරිසකට වෛරසය අසාදිත යැයි තහවුරු වී ඇති අතර 56 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් සදහන්.

කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැලකෙන වූහාන් ප්‍රදේශයේ ජනගහනය එක්කෝටි දස ලක්ෂයකට ආසන්නයි. මෙම තත්ත්වය මත නගරයේ රෝහල් කලබලයට පත්ව ඇති බවත් ප්‍රදේශවාසීන්ගෙන් ඒවා පිරී ඉතිරී ගොස් ඇති බවත් පැවසෙන අතර ඔසුසැල්වල ඖෂධ අවසන් වෙමින් පවතින බවත් සදහන් වෙනවා.

මේ හේතුවෙන් චීනයේ වූහාන් (Wuhan) නගරය දින හයක් ඇතුළත රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන
තිබෙනවා. චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි ඉදි වෙමින් පවතින මෙම නව රෝහල ඇඳන් 1000කින් සමන්විතයි.

වර්ග මීටර 25,000 ක වපසරියකින් යුත් ඉදිකිරීම් භූමිය වෙත පොලොව හෑරීමට යොදා ගන්නා බර යන්ත්‍ර රැගෙන විත් එම රෝහල දින හයක් තුළ ඉදිකිරීමට මේ වනවිටත් කටයුතු කරමින් යන බවයි විදේස් මාධ්‍ය සදහන් කරන්නේ.

2003 වසරේ සාර්ස් (Sars) වෛරසය පැතිර යාම වැලැක්වීමේ අරමුණින් බීජිං නුවර මේ හා සමානම රෝහලක් ඉදි කර තිබෙන අතර නව රෝහල ඉදි වන්නේ ඒ අනුව බවයි පැවසෙන්නේ.

"මෙය මූලික වශයෙන් පැතිර යන රෝග සහිත පුද්ගලයන් යවනු ලබන නිරෝධායනය කළ රෝහලක්. එය ආරක්ෂිතයි වගේම ආරක්ෂිතව තබා ගත හැකි උපකරණවලින් සමන්විතයි" යනුවෙන් හාවඩ් විශ්වවිද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය සහ සමාජ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාරිනී ජොඈන් කවුෆ්මන් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

දින හයකින් රෝහලක් ඉදි කළ හැකිද?
"මේ වගේ සුවිසල් ව්‍යාපෘතිත් ඇතුළුව වැඩ වේගයෙන් නිමවීම සම්බන්ධයෙන් චීනය වාර්තා තබා තිබෙනවා," යනුවෙන් විදෙස් සබඳතා පිළිබඳ සභාවේ ගෝලීය සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන පර්යේෂකයෙකු වන යැන්ෂොන්ග් ක්වාන්ග් පවසයි.

2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ බව පෙන්වා දෙන ඔහු වූහාන් හි ඉදිකිරීම් කණ්ඩායම එම වාර්තාව බිඳ හෙලීමේ උත්සාහයක නිරත වන බවයි සදහන් කරන්නේ.

යැන්ෂොන්ග් ක්වාන්ග් වැඩිදුරටත් සඳහන් කරන්නේ, නියමිත වෙලාවට ඉදිකිරීම් නිමවීම සඳහා රටපුරා විසිරී සිටින ඉංජිනේරුවන් එහි රැගෙන එනු ඇති බවයි.

චීනය අධිකාරීවාදී රටක් වන බැවින් නිලධාරීවාදය සහ මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට ඇති අවහිරතා ජය ගෙන සියලු සම්පත් ඒ සඳහා ඉක්මනින් යෙදවීමට හැකියාව පවතින බව ඔහුගේ අදහසයි.

"ඉංජිනේරු වැඩවලට චීනය දක්ෂයි. අහස උසට විහිදුනු ගොඩනැගිලි වේගයෙන් ඉදිකර ඔවුන් වාර්තා තබා තිබෙනවා. බටහිර ජාතීන්ට මෙය සිතන්නත් අමාරුයි. මෙය කළ හැකියි," ඔහු තවදුරටත් පවසනවා.

ඖෂධ සැපයුම දෙස බැලීමේදී වූහාන් වෙත වෙනත් රෝහල්වලින් ඖෂධ ගෙන්වා ගැනීමට හෝ නිෂ්පාදනාගාරවලින් පහසුවෙන් ඇනවුම් කර ගැනීමේ හැකියාව පවතින බවත් සදහන් වෙනවා.

මහජන විමුක්ති හමුදාවට අයත් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සාමාජිකයන් 150 දෙනෙක් වූහාන් නගරය වෙත ළඟා වූ බව චීනයේ 'ග්ලෝබල් ටයිම්ස්' පුවත්පත සදහන් කර තිබෙනවා. නව රෝහල ඉදි කළ පසු ඔවුන් එහි සේවයේ නිරත වනු ඇත්දැයි යන්න එමගින් තහවුරු කර නැහැ.

මිට පෙර ඉදිකළ රෝහලේ ඉදි කිරීම් සඳහා 4,000 ක් පමණ දායක වී ඇති අතර නියමිත දිනට එහි ඉදි කිරීම් අවසන් කිරීමේ අරමුණින් ඔවුන් දිවා රෑ පුරා වැඩ කළ බවත් එය එක්ස් - රේ (X-ray ) කාමරයක්, සීටී ස්කෑන් කාමරයක්, දැඩි සත්කාර ඒකකයක් සහ පරීක්ෂණාගාරයකින් එය සමන්විත වූ අතර සෑම වාට්ටුවකටම වැසිකිලි සහිත නාන කාමරයක් ද වූ බව ඔවුන් පෙන්වා දෙයි. ඒ ආකාරයෙන්ම මෙම රෝහලේ ඉදිකිරීම් හා වටපිටාව සකසන බවද ඔවුන් පෙන්වා දෙයි.

under the courtesy of gossip.hirufm.lk news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka