ගූගල් සමාගම චීනයේ පිහිටි සිය මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන්.
ගූගල් සමාගම එම කාර්යාලවල සේවයේ නියුතු සේවකයින්ට දැනුම් දී ඇත්තේ යලි දැනුම්දෙන තුරු සිය නිවෙස් වල සිට රාජකාරි කරන ලෙසයි.

මේ අතර රුසියාව විසින් චීනය සමග සම්බන්ධවන සිය දේශ සීමාව වසා දැමීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු අගමැති විසින් මේ සම්බන්ධයෙන් වන නියෝගය නිකුත් කර ඇති බවයි. ඒ අනුව රුසියාව විසින් පෙබරවාරි මස 07 වෙනිදා දක්වා චීනය සමග දේශ සීමාවන් වසා දමනු ඇති.
එසේම ලුෆ්තාන්සා එයාර් කැනඩා හා අමෙරිකන් එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් තීරණය කර තිබෙන්නේ චිනය බලා මෙන්ම චීනයේ සිට සිදුකරන සියලු ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමටයි. බ්‍රිටිශ් එයාර්වේස් සමාගම ද ඊයේ දිනයේදීම සියලු චින ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා.
සියළු රටවල් මෙසේ තහනම් පනවද්දී චීනය විසින් ද සිය රටේ සියලු පාපන්දු තරග පැවැත්වීම තහනම් කර තිබෙනවා. චීනයේ ජනප්‍රියතම පාපන්දු ලීග් තරගාවලිය පෙබරවාරි මස 22 වෙනිදා ආරම්භ වීමට ද නියමිතව තිබුණා.