තම නිවස තුළදීම සිය සැමියා කපා කොටා ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පැවසීය. මෙම කාන්තාව පිහියකින් කපා කොටා යකඩ ඉන්නකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුසුම් පුර පාර පදිංචි හතළිස්හය හැවිරිදි කාන්තාවකි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ සැකකාරියගේ සැමියා වන පී. ගුණදාස නමැති එක්දරු පියෙකි.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව ඒ සඳහා උපයෝගි කරගත් යකඩ ඉන්න සහ පිහියද රැගෙන මාර්ගය දිගේ ගමන් කර ඇත.
ලේ තැවරුණ ඇඳුමක් හැඳ මාර්ගයේ ගමන් ගන්නා කාන්තාව දුටු ප‍්‍රදේශවාසීන් පොලිසිය දැනුවත්
කිරීමෙන් පසු දොඹවලගම යුද හමුදා කඳවුර ආසන්නයේදී පොලිස් ජංගම මුර රථය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ ඝාතනය සඳහා යොදාගත් අවි ආයුධද ඇය සතුව තිබී ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුසුම් පුර පාර පදිංචි හතළිස්හය හැවිරිදි කාන්තාවකි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ සැකකාරියගේ සැමියා වන පී. ගුණදාස නමැති එක්දරු පියෙකි.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව ඒ සඳහා උපයෝගි කරගත් යකඩ ඉන්න සහ පිහියද රැගෙන මාර්ගය දිගේ ගමන් කර ඇත.
ලේ තැවරුණ ඇඳුමක් හැඳ මාර්ගයේ ගමන් ගන්නා කාන්තාව දුටු ප‍්‍රදේශවාසීන් පොලිසිය දැනුවත්
අත්අඩංගුවට පත් කාන්තාවගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය අයගේ දේහය සොයාගෙන ඇත. සැමියා ඝාතනයෙන් පසු නිවසෙහි සියළු දොර ජනෙල් වසා කාන්තාව නිවසින් පිටව ගොස් ඇත.
ප‍්‍රදේශවාසීහු පවසන්නේ කාන්තාව තරමක මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බවයි.
under the courtesy of divaina.com news web