Tuesday, January 28, 2020

වසර 6කට පෙර අතුරුදන් වූ කාන්තාවකගේ අස්ථි කොටස් වැසිකිළි වළකින් මතුවෙයි

වසර හයකට පෙර සැමියා පොලිසියට පැමිණිලි කළාලූ..
"දැන් ඔහු වෙනත් විවාහයක් කරගෙන ඉන්නවා..."
අස්ථි කොටස් ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ...
 
තෙල්දෙණිය, විල්අමුණ ප්‍රදේශයේ නිවෙසක වැසිකිළි වළකින් හමු වූ අස්ථි කොටස් ගොඩගෙන ඒ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද (28දා) එම ස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වසර ගණනකට ඉහත සිදුවූ අබිරහස් මරණයකට අදාළ බව සිතිය හැකි මෙම අස්ථි කොටස් පෙරේදා
(26දා) විල්අමුණු ප්‍රදේශයේ වැසිකිළි වළකින් හමු වූ අතර තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වුවා.

මෙම නිවෙසේ සිටි කාන්තාවක මීට වසර 6කට පමණ පෙර අතුරුදන්ව තිබූ අතර ඇගේ සැමියා ඒ
පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබුණා. කෙසේ වෙතත් ඔහු ඉන්පසුව වෙනත් විවාහයක් කරගෙන එම නිවෙසේම වාසය කරමින් සිටිනවා.

මෙම අස්ථී කැබැලි එසේ අතුරුදන් වූ කාන්තාවගේ දැයි මේ වනවිට සැකයක් මතුවී ඇති අතර එම නිවෙසේ වැසිකිළි වළේ අපද්‍රව්‍ය ගොඩදැමීමේදී මිනිස් ශරීරයක අස්ථී කොටස් හමු වූ වැසිකිළි වළ පිළිබඳව හා එම ස්ථානය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා විසින් තෙල්දෙණිය විල්අමුණ ප්‍රදේශයේදී විසි හයවන දින පස්වරු එකයි තිහට පැවැත්වුණා.

එම අස්ථි කොටස් හමුවූ විල්අමුණ ප්‍රදේශයේ එම නිවෙස අවට ස්ථාන පරීක්ෂණයෙන් පසුව එම මල අපද්‍රව්‍ය දැමූ වික්ටෝරියා ජලාශ රක්ෂිතයේ වෑගල ප්‍රදේශයේදී ද ස්ථාන පරීක්ෂණයක් තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා විසින් පවත්වා එම ස්ථානයට මල අපද්‍රව්‍ය සමඟ ඉවත දමන ලද මිනිස් ශරීරයේ අස්ථි කොටස් ඇතුළු ඉවත දැමූ දෑ පිළිබඳවද මහෙස්ත්‍රාත් පරීක්ෂණය එදින පවත්වා මෙම අබිරහස් මරණය පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා තෙල්දෙණිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ට විසිහය වන දින පස්වරුවේදී නියෝග කළා.

මෙම නිවෙසේ වැසිකිළි වළ පසුගිය දිනක ගලි බවුසරයක් මඟින් ඉවත් කර වික්ටෝරියා ජලාශ ඉස්මස්තේ පිහිටි වෑගල රක්ෂිතයට දමා තිබුණා.

එම ස්ථානයේ තිබී මිනිස් ශරීරයක අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.


under the courtesy of mawbima.lk news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka