Friday, January 3, 2020

රටම කම්පා කරමින්, නියමුවා ඇතුළු 4 දෙනෙකුට මරු කැඳවූ හපුතලේ ගුවන් අනතුරේ CCTV දර්ශන එළියට එයි - Video

ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක්...
කාන්තාවකුත් කම්පනයට පත්ව රෝහල්ගත කරයි..
අනතුරට හේතුව හොයන්න පරීක්ෂණ අරඹයි..

ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් හපුතලේ - තම්බපිල්ලේ වතුයාය ආසන්නයේදී අද පෙරවරුවේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ගුවන් හමුදාවේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙය පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් බවට මුලින් වාර්තා වුවත් පසුව එය ගුවන් හමුදාවේ සැහැල්ලු ගුවන් යානයක් බවට හඳුනාගෙන තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ වීරවිල සිට රත්මලාන ගුවන් හමුදා කදවුරට යානය පියාසර කරමින් තිබූ බව
හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ තහවුරු කළා.

ගුවන් යානය කඩා වැටුණු ස්ථානය ආසන්නයේ නිවසක සිටි කාන්තාවක් ද කම්පනයට පත්වී රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බලගණ නායකයෙකු, බලපන්ති ලුතිනන්වරයෙකු ඇතුළු තවත් ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක්.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාව විසින් කමිටුවක් ද පත් කර තිබෙනවා.

අදාළ අනතුර සිදුවන අවස්ථාවේ අසල පිහිටි ගොඩනැගිල්ලක සවිකර තිබූ CCTV කැමරාවක යානයේ දර්ශන මෙලෙස සටහන්ව තිබෙනවා.
 
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka