හොරණ , පාදුක්ක, කිරිගල යන ප්‍රදේශ භීතියට පත් කරමින් මංකොල්ලකෑම් ඇතුළු සංවිධානාත්මක අපරාධ මෙහෙය වූ පාතාල කල්ලියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
දස දෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් විසින් හොරණ, පාදුක්ක ආදී ප්‍රදේශ භීතියට පත් කරමින් පසුගිය කාලයේ මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී තිබෙනවා.
රාත්‍රී කාලයේදී යතුරුපැදි උපයෝගී කර ගනිමින් ප්‍රදේශවාසීන් බිය වද්දමින් මෙම පාතාල කල්ලිය කලක පටන් තම ජාවාරම් සිදුකරගෙන ගොස් තිබුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්

මහතාගේ උපදෙස් මත මෙම කොල්ලකල්ලිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනෙන්නේ එම බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ දෙවන කාණ්ඩයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින්.
එහිදී පාතාල කල්ලිය මෙහෙය වූ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නැමැත්තා සමඟින් ජාවාරමේ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව ඔවුන් සතුව තිබී කඩු 3ක්, මන්නා පිහි 6ක්, ජංගම දුරකතන 6 ක් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී ඔවුන් හොරණ, කිරිගලහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වදකාගාරයක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වුණා.
ඊශ්වරගේ පාතාල කණ්ඩායමට විරුද්ධ වූ ප්‍රදේශයේ තරුණයන්ව ගස් බැඳ දඬුවම් ද ලබා දී තිබුණා.
එම පාතාල කණ්ඩායමේ සාමාජිකයන් මත්ද්‍රව්‍ය භාවිතා කර හැසිරෙන අයුරු ද ඔවුන්ගේ දුරකතන මගින් මෙලෙස වීඩියෝ ගත කර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔවුන් සිදුකළ අපරාධ පිළිබඳ පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
under the courtesy of gossip.hirufm.lk news web