Friday, December 27, 2019

ලංකා රෝහලේදී CID අත්අඩංගුවට ගත් මන්ත්‍රී රාජිත සේනාරත්න, දෙසැම්බර් 30 දක්වා රිමාන්ඩ් - Video

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා පොලිස් ආරක්ෂාව යටතේ තවදුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වූයේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමෙන්
අනතුරුවයි.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මෙම වරෙන්තුව නිකුත් කළේ පසුගිය 24 වැනිදායි.

ඊට පෙර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ගොනුකළ පළමු අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 19 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

පසුව ඔහු දෙවන වරටත් ප්‍රතිශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළ අතර පසුගිය 23 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ තීරණය කළේ ලබන 30 වැනිදා අදාළ ඇප අයදුම්පත සලකා බැලීමටයි.

වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රැඳී සිටින ස්ථාන පරීක්ෂාවට ලක් කළ අතර, ඔහු රැඳී සිටි ස්ථානයක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

ඊයේ පස්වරුවේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද ඔහුගේ කොළඹ පිහිටි නිවස පරීක්ෂා කළා.

කෙසේ වෙතත්, පස්වරු 7.30 ට පමණ ඔහු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, පළමුව හදිසි ප්‍රති්කාර ඒකකයේ රැඳී සිටි මන්ත්‍රීවරයා අනතුරුව හෘද ප්‍රතිකාර ඒකකයට මාරු කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

ඊයේ රාත්‍රියේ සිටම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හා පවුලේ ඥාතීන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට ලංකා පෞද්ගලික රෝහලට පැමිණියා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka