Monday, December 9, 2019

අම්මෙකුයි දුවකුයි ගඟට තල්ලූ කළ නඩුවේ සැකකරුට ගහලා මරලා

සැකකරුවෝ 5දෙනෙක් හඳුනා ගැනෙති
මෙයට වසර තුනකට පමණ පෙර බද්දේගමදී මවක සහ දියණියක ගිංගඟට තල්ලූ‍ කර මරා දැමීමට උත්සාහ කළ සිද්ධියේ සැකකරුට සිකුරාදා (06* රාත‍්‍රි පිරිසක් විසින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බද්දේගම පොලිසය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බද්දේගම කිරිබතාවිල පදිංචි ඒ.ඞී.කේ. චින්තක නමැති විසිහය හැවිරිදි විවාහක ත‍්‍රිරෝද රථ රියැදුරෙකි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය අය 2016 මැයි මස 20 වැනිදා මවක සහ
දියණියක ගිංගඟට තල්ලූ‍ කිරීමේ සිද්ධියේ සැකකරු වන බවයි. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතින බව හෙළිවී තිබේ. මෙම සිදුවීමේදී මව මියගොස් ඇති අතර දියණිය බේරා ගෙන ඇත. එම මනුෂ්‍ය ඝාතනයට අමතරව තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිකරණයේ නඩු පවතින බවත් අනාවරණය වී තිබේ.

එම දියණිය සමග මියගිය පුද්ගලයා අතර තිබූ සම්බන්ධයකට වැඩිහිටියන් අකමැත්ත පළ කිරීම නිසා මව සහ දියණිය ගඟට තල්ලූ‍ කර ඇති බව ද පොලිසිය පවසයි.

මේ අතර මියගිය අය සිකුරාදා රාත‍්‍රී කිරිබතාවිල ප‍්‍රදේශයේ හෝටලක ආහාර ගනිමින් සිටියදී රාත‍්‍රි එකොළහයි තිහට පමණ අදාළ තරුණියගේ මාමාකෙනකු ඇතුළු පිරිසක් ද එම හෝටලයට පැමිණීමත් සමග මියගිය අය දුවගොස් සැඟව ඇත. පිරිස ද ඔහු පසුපස එළවාගොස් පහරදී බරපතළ තුවාල සිදුකර ඇත. තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ සැකකරුවන් පස්දෙනකු හඳුනාගෙන ඇති බවය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් දේශබන්දු මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

අහංගම සුගතපාල දීයගහගේ

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka