Monday, December 9, 2019

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට රාජ්‍යතාන්ත‍්‍රික විනිර්මුක්තිය හිමියි - ශ‍්‍රී ලංකා රජය තරයේ ප‍්‍රකාශ කරයි

රාජ්‍යතාන්ත‍්‍රිකයකු ලෙස ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට රාජ්‍යතාන්ත‍්‍රික විනිර්මුක්තිය හිමි වන බව ශ‍්‍රී ලංකා රජය තරයේ ප‍්‍රකාශ කර සිටියි.

1961 රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව එය හිමිවන බව රජය අවධාරණය කරයි.

2018 වසරේ පෙබරවාරි මස හතරවැනිදා එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගේ විරෝධතා ව්‍යාපාරයක්
අතරවාරයේ එම විරෝධතාකරුවන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු ඊට වරදකරු බව වෙස්ට්මිනිස්ටර් අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ශ‍්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයේ ඉහත කරුණු අවධාරණය කර ඇත.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම තීන්දුවට දේශපාලන මැදිහත් වීමක් සිදුව ඇති බවයි. පසුගිය 07 වැනිදා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි. 2019 ජනවාරියේ දී වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රථම වරට සිතාසි නිකුත් කළ අවස්ථාවේ දී, එවකට ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා විදේශ ලේකම්වරයා විසින් කැඳවනු ලැබූ අතර, බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාගේ රාජ්‍යතාන්ත‍්‍රික විනිර්මුක්තිය නොසලකමින් චෝදනාවට ලක්වූ සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අධිකරණ මගින් ගනු ලබන නීතිමය ක‍්‍රියාමාර්ග පිළිබඳව විරෝධය පළ කරන ලදී. එම අධිකරණය විසින් ජාත්‍යන්තර නීතිය පිළිබඳ වරදවා වටහා ගැනීම සහ විනිර්මුක්තිය ඉල්ලා ශ‍්‍රී ලංකා රජය විසින් එවන ලද රාජ්‍ය තාන්ත‍්‍රික සටහනේ අන්තර්ගතය එම අධිකරණයේ පරිපාලනය මගින් මහෙස්ත‍්‍රාත්වරයාගේ අවධානයට යොමු කිරීමට අතපසු වීම සම්බන්ධයෙන් සිදුව ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහා, වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගය ඇතුළු ක‍්‍රියාවලිය සමාලෝචනය කිරීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය වෙත ඉල්ලීමක් කරන ලදී. මේ පිළිබඳව විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය සමග තවදුරටත් කටයුතු කිරීමට ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරියට ද උපදෙස් දෙන ලදී. මෙම අන්‍යෝන්‍ය බැඳීමට ගරු කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ද ඉල්ලා සිටින ලදී.

මෙහිදී සිතාසි පටිපාටිය නිසි අයුරින් සිදු නොකරන ලද බවත්, එය නැවත නඩු විභාගයකට තුඩු දුන් බවත් නඩු විභාගයේදී අධිකරණය විසින් පිළිගන්නා ලදී. පවතින සාක්ෂිවලට අනුව, ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ පෙළපාලිකරුවන් විසින් මෙන්ම, අධිකරණයේ නඩු විභාගයේ දී වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට දී විරෝධතා දැක්වූ පුද්ගලයන් විසින් ද එක්සත් රාජධානියේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ ධජ භාවිත කර තිබේ.

මෙම සිදුවීම්වල අනුපිළිවෙළ, එනම්, පුද්ගලික වශයෙන් නඩු පැවරීම, බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දු මහතාගේ රාජ්‍යතාන්ත‍්‍රික විනිර්මුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වීම, එක්සත් රාජධානියේ මැතිවරණය ආසන්නයේ ඇති මොහොතකදී තීන්දුව ලබා දීම, අධිකරණ නඩු විභාගය අතරතුර දී එල්ටීටීඊ ධජ ද රැුගෙන සිටි පැමිණිල්ලේ ආධාරකරුවන්ගේ නොහික්මුණු හා බියගන්වනසුළු හැසිරීම පිළිබඳ චෝදනාව, පුද්ගලික වශයෙන් නඩු පැවරීම මගින් විත්තිකරු විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වරප‍්‍රසාදිත තොරතුරු පොදු මාධ්‍ය වෙත කාන්දු වීම පිළිබඳ චෝදනාව යන කරුණු තුළින් මෙය දේශපාලනික වශයෙන් පෙළඹවීමෙන් සිදු කරන ලද ක‍්‍රියාවක් බව මනා ලෙස පැහැදිලි වෙයි.

චතුර පමුණුව 

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka