දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අපි පසුගිය සෙනසුරාදා අනාවරණ කළා.
අප එහිදී පෙන්වා දුන්නේ ඒ අතරින් 12 දෙනෙකුටම රෝගය වැළඳී තිබෙන්නේ ඔවුන් නවාතැන්ගෙන සිටි සුගතදාස ක්‍රීඩා හෝටලයේ දී බවයි.
අපගේ අනාවරණයෙන් පසු ඊයේ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ භූමිය පරීක්ෂා කළ අතර සුගතදාස ක්‍රීඩා සංකීර්ණය මදුරුවන් බෝ වීමේ තෝතැන්නක් බවට පත්වීමට ඉඩහැර සුගතදාස පාලනාධිකාරිය මර නින්දේ පසුවන බව එහිදී පෙනී ගියා.
ඒ අවස්ථා ගණනාවකදී ම කොළඹ මහනගර සභාවේ නිලධාරීන් අදාළ ස්ථානයේ ඩෙංගු අවදානම පිලිබඳ

අනතුරු ඇඟවීම් පවා කර තිබියදී යි.
මේ අතර ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද ක්‍රීඩකයන් නවාතැන්ගෙන සිටි සුගතදාස හෝටල් පරිශ්‍රයේ සහ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහිදී පෙනී ගියේ හෝටල් පරිශ්‍රයේ මෙන්ම ක්‍රීඩාංගන සංකීර්ණය තුළද මදුරු කීටයින්ට නිදහසේ වැඩෙන්නට බලධාරීන් පහසුකම් සපයා ඇති බවයි.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ අවසන් වරට පැවති උත්සවයේ දී ඉතිරි වූ ආහාර පානාදිය පවා නිසි පරිදි බැහැර කරන්නට වගකිවයුත්තන් කටයුතු කර තිබුනේ නැහැ.
"මේ ක්ලීනින් එක භාර එක්කෙනාට මගෙන් තෑග්ගක්. ආ පිළිගන්න මේක, ගෞරවයෙන් පිලිගන්න. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි. හොස්ටල් එකේ කිළුටුම ශිෂ්‍යයාට තෑග්ගක් දෙනවා. පරණ මේස් පරණ අන්ඩර්වෙයාස් ඔක්කොමටික එකතු කරලා පාර්සලයක් හදලා ලස්සනට පාර්සල් කරලා දෙනවා.මම ඒ වගේ තෑග්ගක් ඔයාට දුන්නේ..."
නිරීක්ෂණ චාරිකාවෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ සුගතදාස පාලනාධිකාරිය සඳහා නව සභාපතිවරයෙක් පත් කරන්නට හැකි ඉක්මනින් පියවර ගන්නා බවයි.
"වැඩ කරන රටක ලෙඩ හදන තැනක් පිළිබඳව ඊයේ පෙරේදා මාධ්‍ය වල පළවුණු කාරණාවේ පසුබිම පිළිබඳව කනගාටු වෙනවා.බොහොම කාලයකට පස්සේ මේ රටට ක්‍රීඩාවෙන් රන් අස්වැන්නක් ලැබිච්ච වෙලාවක මේ උණ රෝගය නිසා සහභාගිවෙන්න බැරි වෙච්ච පිරිසකුත් ඉන්නවා. අපි රටක් විදියට පළමුවෙන්ම ඒ කණ්ඩායමෙන් සමාව ඉල්ලනවා. සුගතදාස ක්‍රීඩාංගනයේ ඉන්න බලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරන්නේ මේ රටට ක්‍රීඩාවෙන් කීර්තියක් ගේන දරුවන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.එන සතිය ඇතුලත මේ අධිකාරියට ඉතාමත් ඉක්මනින් සභාපතිවරයෙක් පත් කරනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකයක් දෙනවා මේ පරිසරය තුල ඔබට තිබිච්ච අපහසුතාවයන් ඉතාම ඉක්මනින් නිම කරන්නට මම මේ මොහොතේ සහතිකයක් දෙනවා අපි ඒ වෙනුවෙන් කැප වෙනවා කියලා.."

under the courtesy of gossip.hirufm.lk news web