ඇතැම් දෙමාපියන් තම තරුණ වියේ පසුවන දියණියන්ට කරන චෝදනාවක් වන්නේ කොයිවෙලේත් නිදි යැයි කියා ය. නිදිවරා වෙහෙස වී පාඩම් නොකරන විටත් නිතර නිදිමත ඇතිවන්නේ කිසියම් හෝ රෝගී තත්ත්වයක් නිසා දැයි කියා සැකයකුත් මතු වේ.
වෛද්‍යතුමියනි, තරුණ වියේ පසුවන ගැහැනු දරුවන් බොහෝ දෙනා සම්බන්ධව පවතින නිතර නිදිමත ඇතිවීම නමැති හේතුව කිසියම් රෝගී තත්ත්වයක් ද?
තරුණ වියේ පසුවන ගැහැනු දරුවන් අලසව නිදිමත බවින් සිටින්න බැහැ. ඔවුන් ක‍්‍රියාශීලීව සිටිය යුතුයි. මොකද තරුණ වියේදී ඔවුන්ගේ ශරීරයේ ක‍්‍රියාකාරිත්වය පවතින්නේ ඉතා ඉහළ මට්ටමක. කිසියම් තරුණියක් නිතර අසලව නිදිමත බවින් සිටිනවා නම් එවැනි තත්ත්වයක් සඳහා බලපා ඇති හේතුව

නිවැරැුදිව හඳුනාගත යුතුයි.
මෙසේ අලස බවින් නිදිමතින් සිටින තරුණියන් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා බරින් වැඩි නම් ඔවුන්ගේ ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් නම් ඉන් පැවසෙන්නේ ඔවුන්ගේ ස්ත‍්‍රී හෝමෝනවල කිසියම් අසමතුලිත බවක් පවතින බවයි.
එනිසා වහාම එවැනි තරුණියන්ගේ හෝමෝන පරීක්‍ෂාවක් සිදුකළ යුතුයි.
එවිට මෙම අලස බවට හා නිදිමත බවට බලපා ඇති හේතුව නිවැරදිව හඳුනාගත හැකියි.
මෙම ලක්‍ෂණ හෝමෝන අසමතුලිතතාව නිසා නම් වහාම ඒ සඳහා ප‍්‍රතිකාර ලබාදිය යුතුයි.
එසේ නොමැතිව මෙම තත්ත්වය දිගටම පැවතීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ ඩිම්බකෝෂයේ ඩිම්බ මේරීමේ ප‍්‍රමාදයක් ඇතිවීමයි. එවිට ඔසප් චක‍්‍රයේ වෙනස්වීම් ඇති වෙනවා. එනම් දින 28 කට වරක් ඔසප් වීම සිදු නොවී එය මාස දෙකකට වරක් සිදුවීම වැනි දීර්ඝ කාලයක් දක්වා පවතිනවා. එසේම ඔසප් වීමේදී අධික වේදනාවක් ඇතිවීම, ඔසප් වන විට පිටවන රුධිරය ප‍්‍රමාණය අධික විම වැනි අපහසුතා ද මතුවෙනවා.
මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් මඳ සරුභාවයට පත්වීමයි. එනම් විවාහ වූ විට නිසිකලට දරුවන් ලබා ගැනීමට නොහැකි වීමයි.
මෙලෙස අලස බවින්, නිදිමත බවින් ඔවුන් පසුවන්නේ ඔවුන් තුළ පවතින හෝමෝන අසමතුලිතතාව නමැති රෝගය නිසයි. මෙ අලස බව සහ නිදිමත මගින් පෙන්නුම් කරන්නේ ශරීර දුර්වලතාවන්ය. මීට අමතරව බෙල්ල කළුවීම, මුහුණේ රෝම කූප වර්ධනය ආදියත් දැකිය හැකියි.
මේ තත්ත්වය මතුවන්නේ ඔවුන් ගනු ලබන ආහාර නිසි ලෙස ජීර්ණය නොවීම නිසයි. ආහාර ශරීරය තුළ ගබඩා වන්නේ මේදය ලෙස පමණයි. අස්ථි පෝෂණය, අස්ථි මජ්වාපෝෂණය සහ ශුක‍්‍ර පෝෂණය හෙවත් ඩිම්බ මේරීම සඳහා අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ.
එනිසා ඔවුනට නිතර වෙහෙසකර බව අතපය රිදීම වැනි කායික අපහසුතා මතුවෙනවා. රුධිරය නිපදවීමට අවශ්‍ය පෝෂණය නොලැබීම නිසා නීරක්තියට පත්වෙනවා. එවිට නිදිමත හටගන්නවා. මතක ශක්තිය දුර්වල වෙනවා.
අධ්‍යාපනය ලබන වියේදී එනම් වයස අවුරුදු 16 සිට 30 පමණ කාලය දක්වා වියේදී මෙම රෝග තත්ත්වය පැවතීම නිසා මතුවන ප‍්‍රධාන ගැටලූව වන්නේ කොතරම් හොඳින් පාඩම් කළත් මතක ශක්තිය දුර්වලව පැවතීමයි. එවිට විභාගවලින් අසමත් වෙනවා.
එනිසා මෙම රෝගය නිසි ලෙස හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීම ඉතා වැදගත්ය.
වෛද්‍යතුමියනි, මේ සඳහා ඇති ප‍්‍රතිකාර මොනවාද?
මේ සඳහා සිදුකරන ප‍්‍රතිකාර ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට ආයුර්වේදයේ බෙදා තිබෙනවා. විවාහක අයට සිදුකරන ප‍්‍රතිකාර සහ අවිවාහක අයට සිදු කරන ප‍්‍රතිකාර ලෙස එය වෙන්කර තිබෙනවා.
විවාහක අයට යෝනි මාර්ගය තුළින් ඖෂධ යවා සිදුකරන ස්ථානීය ප‍්‍රතිකාර තිබෙනවා. එමගින් ඩිම්බකෝෂය දක්වා ඖෂධ ඇතුළුකර ඩිම්බ මේරීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කරනවා.
අවිවාහක අයට බාහිරින් ඖෂධ ගැල්වීම සහ පානය සඳහා ඖෂධ ලබාදීම ඇතුළු ප‍්‍රතිකාර මගින් ඩිම්බ මේරීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කරනවා.
මෙම ප‍්‍රතිකාර මගින් සිදු කරන්නේ ඔවුන් තුළ පවතින ආහාර ජීර්ණයේ මතුව ඇති රස රක්ත මාංශ මේදස් යන රස කොටස්වලින් නතර වූ ජීර්ණ ක‍්‍රියාවලිය ශුක‍්‍ර දක්වා වූ රස කොටස් තෙක් ජීර්ණය සිදුකර ඩිම්බ මේරීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. එමගින් අසමතුලිතව ඇති හෝමෝන නිපදවීමේ ක‍්‍රියාවලිය යළි යථා තත්ත්වයට පත් කළ හැකියි.
මෙම ඖෂධ ප‍්‍රතිකාර නිසි ලෙස ගැනීමෙන් මාස තුනක් පමණ වැනි කෙටි කාලයකින් මතුව ඇති රෝග තත්ත්වය සුව කළ හැකියි.
වෛද්‍යතුමියනි, මෙවැනි ප‍්‍රතිකාර ගැනීමේදී නොගත යුතු ආහාර වර්ග තිබෙනවාද?
අධික තෙල් සහිත ආහාර සහ උෂ්ණ තීක්‍ෂණ හා කටුක යන ආහාර වර්ග ගැනීමෙන් වැළකිය යුතුයි. එනම් අච්චාරු, බල මාළු, තක්කාලි, කිරිඅල, දෙල්, ඉස්සො, කකුළුවෝ, අබ මිශ‍්‍ර ආහාර සහ විනාකිරි මිශ‍්‍ර ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. පළා වර්ග, ධාන්‍ය වර්ග, පලතුරු ආදිය වැඩිපුර ගත යුතුයි.
මේදය සහ පිෂ්ටය අධික ආහාර අඩුකර ප්‍රෝටීන් සහ විටමින් බහුල ආහාර ගැනීම කළ යුතුයි.
කිසි විටෙකත් දවසේ ප‍්‍රධාන ආහාර වේල් තුන ගැනීමෙන් වැළකී නොසිටිය යුතුයි. ඇතැම් තරුණියන් බර අඩු කර ගැනීමට කියා ආහාර වේල් ගණන අඩු කරනවා . එය වැරදි ක‍්‍රියාවකි. කළ යුත්තේ ආහාර වේල් ගණන අඩු කිරීම නොව ආහාරයේ ඇති මේදය සහ පිෂ්ටය අඩු කිරීමයි.

under the courtesy of divaina.com news web